Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka
2019 October 07
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂගේ පුරවැසිභාවය සම්බන්ධයෙන් තම පෙරමුණ අධිකරණයට යාමේ සූදානමක් ඇති බවට රාජිත සේනාරත්න අමාත්‍යවරයා කරන ලද ප්‍රකාශය ජනතාව සම්පූර්ණයෙන් නොමග යැවීමට හිතාමතා සැළසුම් සහගතව කරන ලද ක්‍රියාවක් බවට ජනතා විමුක්ති පෙරමුණ චෝදනා කරනවා.
ගෝඨාභය රාජපක්ෂගේ පුරවැසිභාවය සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණ නැවත අධිකරණයට යාමට සූදානම් බව අමාත්‍ය රාජිත සේනාරත්න කොළඹ ඊයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් යොමුකළ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් කියා සිටියා.
අමාත්‍ය රාජිත සේනාරත්නගේ එම ප්‍රකාශය පිළිබඳව ජනතා විමුක්ති පෙරමුණේ ප්රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ එක්සත් ජාතික පක්ෂය මෙන් මැතිවරණ මගහැර ගොස් වෙනත් කවර හෝ උපක්‍රම භාවිත කර ජනතාවගේ පරමාධිපත්‍ය බලය හෑල්ලු කිරීමට කිසිදු උත්සහයක තම පක්ෂය නිරත නොවන බවයි.
Top