Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 October 07
2,345
Views
පාකිස්තානයට එරෙහිව ඉතිහාසයේ ලබන පළමු විස්සයි විස්ස තරගාවලි ජය අද (07 දා) දිනයේදීම වෙන්කර ගැනීමට කණ්ඩායම උත්සහ කරමින් සිටින බව ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලක පවසයි. ඊයේ පුහුණුවීම් අතරතුර මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කර සිටියේය.

‘‘අපි කණ්ඩායමක් වශයෙන් හොඳ මානසිකත්වයකින් ඉන්නවා පළමු තරගය ජය ගැනීමෙන් පසුව. අපි පොඩි කණ්ඩායමක් වුණත් පාකිස්තානය ඔවුන් බලාපොරොත්තු නොවුණ ආකාරයට පරාජය වුණා. දැන් පීඩනය තියෙන්නෙ පාකිස්තානයට. අපි කතා කරලා සැලසුම් කළේ තුන්වැනි තරගය වන තෙක් තරගාවලි දිනුම ගෙනි යන්නෙ නැතිව අද තරගය ජය ගනිමින් තරගාවලියේ ශූරතාව දිනා ගන්න.’’

කණ්ඩායමක් වශයෙන් සියලූම ක්‍රීඩකයන් දක්ෂතා දක්වා තිබීම තරගාවලිය ජය ගැනීම සඳහා වාසියක් බවද ගුණතිලක පවසයි. ‘‘අපේ කණ්ඩායම අලූත් වුණත් සියලූ දෙනාම දැන් හොඳින් ක්‍රීඩා කරනවා. විශේෂයෙන් පන්දු යවන්නන් මෙන්ම පිතිකරුවන් හොඳින් තරඟකාරී මට්ටමට ඇවිල්ලා තියෙනවා. ඒ නිසා ලොකු විශ්වාසයක් තියෙනවා අපිට තරඟාවලිය දිනා ගන්න පුළුවන් කියලා.’’

අසේල විතාන ලාහෝර් සිට
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top