Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 October 06
626
Views
ජනාධිපතිවරණය සඳහා ඇප මුදල් තැන්පත් කිරීමේ කටයුතු අදින් අවසන් වනවා. 

අද පෙරවරු 8.30 සිට මධ්‍යහ්න 12 දක්වා එම කටයුතු සිදු කෙරෙනු ඇති. 

ඇප මුදල් තැන්පත් කිරීම පසුගිය මස 19 වනදා සිට ආරම්භ වූ අතර, මේ වනවිට අපේක්ෂකයින් 33 දෙනෙකු වෙනුවෙන් ජනාධිපතිවරණය සඳහා ඇප මුදල් තැන්පත් කර තිබෙනවා. 

පිළිගත් දේශපාලන පක්ෂ 16 ක්,  වෙනත් පක්ෂ 3 ක් සහ ස්වාධීන අපේක්ෂකයින් 14 දෙනෙකු ඊට ඇතුළත්.

මේ අතර මෙවර ජනාධිපතිවරණය සඳහා ඇප මුදල් තැන්පත් කර ඇති සියලූ අපේක්ෂකයින් අද මැතිවරණ කොමිසන් සභාව වෙත කැඳවා තිබෙනවා. 

අද පස්වරු 2.30 ට ඔවුන් මෙලෙස කැඳවා ඇත්තේ හෙට දිනයේ ක්‍රියාත්මක නාමයෝජනා භාර ගැනීමේ වැඩපිළිවෙල සහ ඉදිරි පියවර සම්බන්ධයෙන් දැනුවත් කිරීමට බවයි මැතිවරණ කොමිසන් සභාවේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ.

ජනාධිපතිවරණයේ නාම යෝජනා භාර ගැනීම හෙට පෙරවරු 9 සිට 11 දක්වා රාජගිරියේ පිහිටි මැතිවරණ කොමිෂන් සභා කාර්යාලයේ ශ්‍රවණාගාරයේදී සිදුකිරීමට නියමිතයි. 

නාම යෝජනා පත්‍රවලට ලිඛිතව විරෝධය දැක්වීම සදහා හෙට පෙරවරු 9 සිට 11.30 දක්වා කාලය ලබාදී තිබෙනවා.

මේ අතර, නාම යෝජනා භාර ගැනීම සිදුකෙරෙන හෙට දිනයේ රාජගිරියේ පිහිටි මැතිවරණ කොමිෂන් සභා කාර්යාල පරිශ්‍රය අවට විශේෂ ආරක්ෂක සහ රථ වාහන වැඩපිලිවෙලක් ක්‍රියාත්මකයි. 

එමෙන්ම, හෙට දිනයේ කොළඹ අධ්‍යාපන කලාපයට අයත් කොට්ඨාශ 3 ක සියලූ පාසල් හා ශ්‍රී ජයවර්ධනපුර අධ්‍යාපන කලාපයේ පාසල් 3 ක් වසා තැබෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කළා.

ඒ අනුව, කොළඹ අධ්‍යාපන කලාපයට අයත් බොරැල්ල, දකුණු කොළඹ හා මැද කොළඹ කොට්ඨාශවල සියලූම පාසල් සහ ශ්‍රී ජයවර්ධනපුර කලාපයේ රාජගිරිය ජනාධිපති විද්‍යාලය, රාජගිරිය හේවාවිතාරණ විද්‍යාලය සහ හේවාවිතාරණ ආදර්ශ කනිෂ්ඨ විද්‍යාලය වසා තැබෙනු ඇති.
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top