Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 October 05
2,449
Views
පෙම්වතාට රුපියල් බිලියන 260 ක් වත්කම් හිමියි...
ඔවුන් කඩවසම්. ලෝකෙ පුරාම කෙල්ලො ඔවුන්ට වහ වැටෙනවා..
 
රිහානා ලෝකයේ බොහෝ රටවල තරුණ තරුණියන් සිය ගීත ගායනයෙන් මෙන්ම රූමත් බවෙන් ද වසඟයට ගත් ශිල්පිනියක්. ඇයගේ ගීත අහන්න, බලන්න වගේම ඇය ගැන අලුත් තොරතුරු දැනගන්නත් රිහානාගේ රසික රසිකාවන් දක්වන්නේ විශාල උනන්දුවක්.
 
පසුගිය දිනවලත් ඇය පිළිබඳ ඉතා වැදගත් තොරතුරු මාධ්‍ය තුළ සංසරණය වනු දකින්න ලැබුණා.

ඒ අතරින් ඇයගේ අලුත්ම පෙම්වතා ගැන පළවුණු තොරතුරු වැඩි අවධානයක් දිනාගත් බවක් පෙනුණා.
 
මෙය රිහානා සිය සිහින පෙම්වතිය කරගෙන සිටි බොහෝ දෙනකුට යම් සිත් රිදීමක් ඇතිකරන තොරතුරක් වෙන්නත් පුළුවන්.
 
රිහානාගේ අලුත් පෙම්වතා සෞදි අරාබි ජාතිකයකු බවයි පැවසෙන්නේ. හසාන් ජමීල් නමැති ඔහු එරට ඉතා ධනවත් ව්‍යාපාරික පවුලක සාමාජිකයකු බවත් සඳහන්.
 
මැද පෙරදිග රටවල් රැසක ටොයෝටා වාහන බෙදා හරින දැවැන්ත සමාගමක් ඔවුන් සතු බව පැවසෙන අතර එහි අනාගත උරුමක්කාරයා බවට පත්වීමට නියමිතව සිටින්නේ ජමීල්.
 
ඔහු මේ වනවිටත් බිලියනපතියකු බවයි අනාවරණය වන්නේ. ඔවුන්ගේ පවුලේ මුළු වත්කම ඇමෙරිකානු ඩොලර් බිලියන 1.5 ක් බව සඳහන් වෙනවා. (ලංකාවේ මුදලින් රුපියල් බිලියන 260 ක් පමණ වෙනවා.) රිහානාත් ඉතාම ධනවත් ගායන ශිල්පිනියක් බව රහසක් නොවෙයි.
 
ඇයගේ ශුද්ධ වත්කම ඇමෙරිකානු ඩොලර් මිලියන 600 ක් බව සුප්‍රකට ව්‍යාපාරික සඟරාවක් වන ෆෝබ්ස් (Forbes) සඟරාව හෙළි කර තිබුණා. එය ලංකාවේ මුදලින් රුපියල් බිලියන 105 කට ආසන්න වත්කමක්.
 
මේ දෙදෙනා අතර සම්බන්ධය ආරම්භ වී තිබුණේ 2017 වසරේ වුවත් එය මෑතක් වනතුරුම රහසක් හැටියට රැක ගැනීමට ඔවුන් පරෙස්සම් වී තිබුණා. ඔවුන් දෙදෙනා පිළිබඳව වඩාත් උණුසුම් ලෙස කතාබහ වීමට පටන් ගෙන ඇත්තේ මේ මෑතක සිටයි.
 
රිහානා සහ ජමීල් එකිනෙකා සමඟ සිටින අන්දම දැක්වෙන ඡායාරූප කිහිපයක්ද පසුගිය දිනවල මාධ්‍ය හරහා ප්‍රසිද්ධියට පත්ව තිබුණා.
 
තමාට අලුත් පෙම්වතකු සිටින බැව් සිය දියණිය දිනෙක තමා සමඟ පැවසූ බව රිහානාගේ පියා 2017 වසරේ මාධ්‍ය සාකච්ඡාවකදී පවසා තිබුණා.
 
නමුත් ඔහු ගැන වැඩි විස්තරයක් තමා නොදැන සිටි බවයි ඔහු කියන්නේ. මේ පෙම්වතා බිලියනපතියකු බවවත් ඔහු නොදැන සිටි බව පැවසෙනවා.
 
'මම ඇයට කියල තිබුණා කවදාවත් කලාකාරයෙක්වත්, ක්‍රීඩකයෙක්වත් තෝරගන්න එපා කියලා. මොකද ඔවුන් කොයි වෙලාවකවත් ගෙවල්වල නැහැ. නිතරම රට රටවල සංචාරය කරමිනුයි ඉන්නේ. ඔවුන්ට නිස්කලංක වෙලාවක් කියල එකක් නැහැ. අනික ඔවුන් කඩවසම්. ලෝකෙ පුරාම කෙල්ලො ඔවුන්ට වහ වැටෙනවා.' තමා සිය දියණියට දුන් අවවාද ගැන පියා සඳහන් කර ඇත්තේ එහෙමයි.
 
ජමීල් කලක් ජපානයේ අධ්‍යාපනය ලබා ඇති අතර පසුව ටොයෝටා සමාගමේ ජපාන මූලස්ථානයේ කටයුතු කර ඇති බවත් සඳහන්. එයින් පසුවයි ඔහු නැවත සෞදි අරාබියට පැමිණ පවුලේ ව්‍යාපාරවලට සම්බන්ධ වී ඇත්තේ.
 
ජමීල් භාෂා කිහිපයක් ඉතා හොඳින් කතා කළ හැකි කෙනකු වීමත් තවත් විශේෂත්වයක්. ඉංග්‍රීසි, අරාබි සහ ජපන් යන භාෂා ඔහුට කතා කළ හැකි බවයි පැවසෙන්නේ.
 
කෙසේ නමුත් ළඟදී විවාහ වෙනවාද යන්න ගැන නම් රිහානා තවම කිසිවක් පවසා නැහැ. මේ වනවිට ඇයගේ වයස අවුරුදු 31 ක්. ජස්ටින් ටිම්බර්ලේක්, ලියනාඩෝ ඩිකැප්‍රියෝ වැනි සුප්‍රකට කලා ශිල්පීන් සමඟද ඇයගේ ප්‍රේම සම්බන්ධතා පැවැති බවට කටකතා පැතිරී තිබුණා.
 
කෙසේ හෝ වේවා, ජමීල් සමඟ ඇති ඇගේ සම්බන්ධය වඩාත් ශක්තිමත් එකක් බවටත් තොරතුරු පළවෙනවා.

මව්බිම

 
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top