Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 October 03
1,082
Views
ලෝකයේ තිබෙන ප්‍රසිද්ධ ස්ථාන ගැන නිරන්තරයෙන්ම වගේ කතාබහට මෙන්ම අවධානයට ලක්වෙනවා. ඒවගේම තවත් එක ස්ථානයක් ගැනයි දැන් අපි කියන්න යන්නේ. ලෝකයේ තිබෙන ප්‍රධාන ස්ථානයක් වුණත්  මෙම ස්ථානය  ගැන  බොහෝ දෙනාගේ එතරම් අවධානයක්  මෙන්ම  කතාබහක් සිදු වී නැහැ.

 ඉන්දියාවේ ගුජරාට ප්‍රාන්තයේ  පිහිටලා තියන  මෙම Alang නගරය වෙරළබඩ නගරයක් වන අතර  මෙම සුවිශේෂී නගරය ලෝකයේම ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ ධාවනයෙන් ඉවත් කරන නැව් කැබලි කරන සුසාන භූමියක් හැටියටයි.

ලෝකය වටා ගමන් කරන නෞකා වලින් ධාවනයෙන් ඉවත් කරන 50% ක පමණ ප්‍රමාණයක් ප්‍රතිචක්‍රීකරණය කිරීම සදහා සෘජුවම ඇතුලත් කෙරෙන්නේ මෙම  Alang සුසාන භූමියටයි. මෙම ස්ථානයේ  60,000 කට අධික  වැසියන් අතින් මේ දැවැන්ත නෞකා  කැබලි වන අතර ඒ සදහා වැයවෙන්නේ  ඉතාමත්ම කෙටි කාලයක් පමණයි.

ලෝකයේ දිගම නෞකාව ලෙස සලකනු ලැබූ මීටර් 458 දිග ටොන් 81,879 බරැති Seawise Giant නමැති ඛනිජ තෙල් ප්‍රවාහණය කරන නෞකාව පවා ධාවනයෙන් ඉවත්කිරීමෙන් පසු  කැබලි කිරීම  සදහා මෙම සුසානයට ඇතුලත් කරන බවටයි වාර්තා වන්නේ.

          
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top