Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 October 01
1,397
Views

නැගෙනහිර ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ පසුගිය කාලය පුරා පැවති අධික වර්ෂාව හේතුවෙන් විශාල ගංවතුර තත්ත්වයක් ඇතිවෙලා තියනවා. වාර්තා වලට අනුවනම් ගංවතුර නිසා මේ වෙද්දී මියගිය සංඛ්‍යාව 29ක්. ඉදිරි මාසවලදී මේ වර්ෂා තත්ත්වය තවදුරටත් වැඩි වෙන්න පුළුවන් කියලා තමයි කාලගුණ අනාවැකිවල දැක්වෙන්නේ.

ඉතින් මේ ගම දනව් විනාශ කරමින් පැමිණි ගංවතුර තත්ත්වයට සියල්ලන්ගේම අවධානයට යොමු කරවීමට එරට NIFT ශිෂ්‍යාවක් අමුතු විදිහේ වැඩක් කරලා තියනවා. 

Aditi Singh කියන මේ සුරූපි ගැහැණු ළමයා බිහාර්වල අගනගරය වුන පට්නාවල ජලයෙන් යටවූ මාර්ගවල බොහොම අපූරු ෆොටෝ ෂූට් එකක් කරලා තිබුනා. එය හිතුවටත් වඩා හොඳින් බොහෝ දෙනා අතර පැතිරෙන්නට පටන්ගත් අතර සිතූ අයුරින්ම බොහෝ දෙනාගේ අවධානයද ඒ වෙත එන්න පටන් ගත්තේ වැඩි ආයාසයක් දරන්නෙත් නැතුවයි. ඒ හරහා ගංවතුරින් අවතැන් වූවන් බොහෝදෙනෙකුට සහන ගෙනෙන්න බොහෝ දෙනෙකුගේ අවධානය මේ වෙද්දී යොමු වෙලා තියනවා කියලත් දැනගන්න ලැබෙනවා. 

කොහොම වුනත් ඒ අපූරු රූගත කිරීම්වලට අදාල කෙටි වීඩියෝවක් මේ වෙද්දී අන්තර්ජාලය හරහා ව්‍යාප්ත වෙමින් පවතිනවා. මේ තියෙන්නේ ඒ වීඩියෝ එක. එහෙනං ගිහින් බලන්නකෝ මේ අපූරු වැඩේ.   

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top