Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 September 30
1,400
Views
මේ දිනවල දෝහා - කටාර් හි පැවති ලෝක මළල ක්‍රීඩා ශූරතා තරගාවලිය පිලිබදව මේ වන විට ලෝකයේ දැඩි අවධානයක් යොමු වී තිබෙනවා.

මෙම තරඟාවලියේ ලොව වේගවත්ම මිනිසා ලෙස  ඇමරිකා එක්සත් ජනපදයේ 23 හැවිරිදි ක්‍රිස්ටියන් කෝල්මන්  කිරුළ හිමිකරගත් අතර සමස්ත තරඟාවලියේ සිදුවෙන විශේෂ සිදුවීම් පිළිබදව ලෝකය බලා  සිටින්නේ දැඩි අවධානයකින් බවටයි විදෙස් මාධ්‍ය සදහන්  කරන්නේ.

එලෙස සිදුවූ  අපුරු පුවතක් ගැනයි දැන් අපි කියන්න යන්නේ. මෙම සිදුවීම සිදු වෙලා තිබෙන්නේ 5,000m ධාවන ඉසවුව තරඟය අතරතුරේදීය. තරඟය ආරම්භ  කර මොහොතේ පටන් තියුණු මුහුණුවරක් ගත මෙම තරඟයේ අවසාන 500m  දී විශේෂ සිදුවීමක් වෙලා තිබෙනවා.

ඒ තමයි තරඟය සදහා සහභාගී වූ Jonathan Busby නම් ක්‍රීඩකයා  ආභාදයට ලක්ව තිබෙන අතර දැඩි අපහසුතාවයකින් මෙන්ම වේදනාකරිව සිටි ඔහුට උදවු කිරීම සදහා Guinea-Bissau's Braima Dabo  නම් ක්‍රීඩකයා තම තරඟය අතහැර ඔහුට  ගිහින් තිබෙනවා .

පසුව තම මිත්‍රයත් සමඟ තරගය නිම කල ඔහුට ප්‍රේක්ෂකාගාරයෙන් මෙන්ම සමස්ත ලෝකයේම ප්‍රශංසා කර තිබෙන බවටයි සදහන් වන්නේ.
 
කෙසේවෙතත් මෙම මානුෂිය ක්‍රියාව නිසා ඔහු මේවනවිටත් ලෝකයේ ජනප්‍රිය මෙන්ම දැඩි කතාබහකට ලක්වී තිබෙන බවටයි විදෙස් මාධ්‍ය පවසන්නේ


Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top