Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 September 23
112
Views
රන්දෙණිගල ජලාශයේ ආරක්ෂක මුර සේවයේ නියුතුව සිටි යුද හමුදා සෙබළෙකුගේ සිරුරක් එම ජලාශයේ තිබී සොයාගෙන තිබෙනවා.

පසුගිය 21 වනදා සිට අදාළ යුද හමුදා සෙබළා අතුරුදන්ව ඇති බවට හසලක පොලීසියට ලද තොරතුරක් මත විමර්ශන ආරම්භ කර තිබූ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.

ඒ අනුව දළදා මාළිගාව පොලිස් ස්ථානයට අනුයුක්ත ජීවිතාරක්ෂක ඒකකයේ නිලධාරීන් කැඳවා ඊයේ රන්දෙණිගල ජලාශයේ වේල්ල පහළ කොටස පරීක්ෂා කිරීමේදී අඩි විස්සක් පමණ ගැඹුරෙහි තිබී මොහුගේ සිරුර සොයාගෙන ඇති බව සඳහන්.

මෙලෙස මියගොස් ඇත්තේ මාවනැල්ල - අලුත්නුවර ප්‍රදේශයේ පදිංචි රන්ටැඹේ යුද හමුදා කඳවුරට අනුයුක්තව රාජකාරි කළ රයිපල් බලකායේ සෙබලෙකු වනවා.
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top