Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 September 23
543
Views
රුපියල් කෝටි 10 ක කප්පම් මුදලක් ලබාගැනීමේ අරමුණින් කළුතර - නාගොඩ රෝහලේ වෛද්‍යවරයෙකුගේ බිරිඳ සහ ඔවුන්ගේ 8 හැවිරිදි දැරිය පැහැරගෙන මුදල් ලබා ගැනීමට සැළසුම් කළ පුද්ගලයන් දෙදෙනෙකු පොලීසිය ඊයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරුවන් මෙලෙස පැහැරගැනීමට උත්සාහ කර ඇති දැරියගේ වයස අවුරුදු 8 ක් වන අතර, ඇය නාගොඩ ප්‍රදේශයේ ජාත්‍යන්තර පාසලක  4 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබනවා.

දැරිය මීට වසර 2 කට ප්‍රථම පවත්වන ලද වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවයේදී සහතික පත් සහ ත්‍යාග විශාල ප්‍රමාණයක් ලබාගැනීම නිසා ඇතිවූ වෛරයක් මත මෙය සැළසුම් කර ඇති බවටයි පොලිස් පරීක්ෂණවලදී හෙළිවී ඇත්තේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ අත්අඩංගුවට ගත් සැකකරුවන් දොඩම්ගොඩ සහ කළුතර ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි.

ඔවුන් සතුව තිබී පොලිස් නිළ ඇඳුම් කොටස්, වායු රයිෆලයක්, වෙඩි බෙහෙත් සහ තියුණු ආයුධ කිහිපයක් සොයාගෙන ඇති අතර, සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පැය 48ක රැඳවුම් නියෝග ලබාගෙන ප්‍රශ්න කිරීමට පොලීසියට අවසර ලබාදී තිබෙනවා.
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top