Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 September 22
1,248
Views

නිම්මි මුදිතා හේරත්


තැලී පොඩිවුණු” නිරුවත් කයින් යුතුව ඇය පාර අයිනේ වැතිර සටියාය. පැය කිහිපයක් තිස්සේ ඇයට දස වධ දෙමින් ඇයව දූෂණය කළ මිනිසුන් දෙදෙනා ඇයව මැරෙන්නට අතහැර යන්නට ගියහ. ඇයට යළිත් නැඟිට ගන්නටවත්” කිසිවකුගෙන් උදව් ඉල්ලා ගන්නට යන්නටවත් පුළුවන් කමක් තිබුුණේ නැත. තමා තව දුරටත් ජීවත් නොවෙනු ඇතැයි ඇයට සිතිණ. ඇය වරින් වර සිහි නැතිවූවාය. වරෙක සිහි නැතිව ගොස් යළිත් වරක් සිහිය එන විට ඇය උන්නේ සුදු පැහැ රෝහල් කාමරයකය. 

ඇගේ ජීවිතය බේරී තිබිණ. එහෙත් තැලූම් බිඳුම් මහ ගොඩක. ගෙලත් මුහුණත් සීරුම් හා කැපුම් පහරවල් වලින් තුවාල වී ගොසින. මුළු ශරීරයම බිඳී ගියාක් බඳුය. ඒ සියල්ලට වඩා තුවාල වී තිබුණේ ඇගේ මනසටය. 

ඒ වන විට ඇගේ වයස අවුරුදු දොළහක. ඉතින් මේ පුංචි දැරිය” ලියානා ලේ” තමා මුහුණ දුන් බිහිසුණු අත්දැකීම නිසා දැඩි කම්පනයකට පත්ව උන්නාය. ඇයට නිදා ගන්නට නොහැකි විය. ඒ බිහිසුණු මතකය සිහිනවලට කඩා වැදී ඇගේ නින්ද පලවා හැරියේය. ඇයට අවදිව සිටින්නට ද නොහැකි විය. පුංචි ශබ්දයකට පවා ඇය බිය වූවාය. 

ඒ තත්ත්වයෙන් යාන්තම් හෝ ගොඩ එන්නට ඇයට මාස ගණනාවක් තිස්සේ රෝහලේ නැවතී ප්‍රතිකාර ගන්නට සිදු විය. 

ලියානාගේ කම්පනයට පත් වූ සිත සුවපත් කරන්නට වෛද්‍යවරුන් වෙහෙසෙද්දී” ඇගේ කය යළිත් රෝගාතුර විය. ඇගේ කෑම රුචිය නැති විය. වමනය ඇති විය. මුහුණ පිපිහළු වී ගියේය. යළිත් වරක් ඇගේ කය පරීක්ෂාවට ලක් කෙරිණ. 

ඇයට සිදුවුණු අතවරයෙන් ඇගේ ජීවිතයට අලූත් කැළලක් එක්ව ඇති බව වෛද්‍යවරු නිවේදනය කළහ. ඇය ගැබ්ගෙන ඇත. 

එහෙත් ඒ කැළල සරල ප්‍රතිකර්මයකින් සුවපත් කළ හැකිය. ප්‍රතිකර්මය ගබ්සාවය. දූෂණයට ලක්වීම නිසා ගැබිනි බවට පත් වන කාන්තාවන්ට ගබ්සාවක් කරන්නට එරටදී නීත්‍යානුකූල අයිතියක් ඇත. 

”අපිට පුළුවන් මේ ප්‍රශ්නය ලේසියෙන් විසඳ ගන්න.. බය වෙන්න එපා.. ඔයාට එහෙම කරන්න අයිතියකුත් තියෙනවා..” වෛද්‍යවරයා ලියානාට පැවසීය. 

මානසික කම්පනයකට ලක්ව උන් දොළොස් හැවිරිදි දැරියක වුවද” ලියානා බුද්ධිමත්ය. මේ කලලයද ජීවිතයක. කිසිවකු තමන්ගේ ජීවිතයට අපරාධයක් කළ පමණින්” තවකකුගේ ජීවිතයකට අපරාධයක් කරන්නට තමාට අයිතියක් නැති බව ඇය සිතුවාය. 

ඇය වෛද්‍යවරයාගෙන් ප්‍රශ්නයක් ඇසුවාය.

”මං එහෙම කළොත්” මගේ මේ වේදනාව නැති වෙනවද..? ඒ වෙච්ච දේවල් මට අමතක වෙනවද..?”

”නෑ..”

mother2”ඒ දෙකම වෙන්නෙ නැත්තම් මං ඇයි එහෙම කරන්නෙ..? මගේ ඇඟ ඇතුළෙ දැන් පුංචි බබෙක් ඉන්නවා.. එයාගෙ ඇත්ත තාත්තා කවුද කියලා මං දන්නෙ නෑ.. ඒත් එයාගෙ අම්මා මමනෙ.. අම්මලා එහෙම කරන්නෙ නෑනෙ..”

ඇය කියා සිටියේ තමා තුළ වැඩෙන දරුවාට ජීවත් වෙන්නට ඉඩ දිය යුතු බවය. 

ලියානාව කොතරම් දරුණු ලෙස වධහිංසා සහිතව දූෂණය කර තිබුණාද යත්” වෛද්‍යවරුන් ඇගේ මරණය වළක්වා ගත්තේද අසීරුවෙන. ඒ අසීරු කාලයත් බිහිසුණු මතකයත් නිසා ලියානා සිටියේ පශ්චාත් ව්‍යසන ක්ලමථ අක්‍රමතාව (PSTD) නම් මානසික රෝගයෙන් පීඩා විඳිමින. ඒ නිසා ඇයට වරින් වර ”දැන් ඉතින් ජීවිතයෙන් ඵලක් නැතැයි” සිතිණ. කිහිප වරක්ම ඇයට සිය දිවි හානි කරගන්නට සිතිණ. 

සියදිවි හානිකරගන්නටම සිතෙන හැම විටකම ලියානාව එයින් වැළැක්වූ එක් කාරණයක් විය. ඒ ඇගේ කුස තුළ වැඩෙන ජීවියාගේ ජීවිතයය. තමා සිය දිවි නසාගත හොත් නැති වෙන්නේ ජීවිත දෙකක් බව සිතමින් ඇය සියදිවි නසා ගැනීමේ සිතිවිල්ල හැම විටෙකම වළක්වා ගත්තාය. 

”මං එයාගේ ජීවිතය බේරගත්තා වගේම එයා මගේ ජීවිතයත් බේරගත්තා. එයා ඉපදුණාම” හැම බලාපොරොත්තුවක්ම නැති වෙලා හිටපු මගේ ජීවිතේට එයා අලූතින් බලාපොරොත්තු ගේන්න පටන් ගත්තා. මට ඕන වුණා ආයෙමත් ඉගෙන ගන්න. මගේ දුවට ඕන දේවල් අරන් දෙන්න වැඩ කරලා හම්බ කරන්න.. අර භයානක සිදුවීමෙන් පස්සේ කාත් එක්කවත් කතා කරන්නවත් අකමැතිවුණ මට කතා කරන්න” හිනාවෙන්න” සතුටු වෙන්න මගේ දුව මං ළඟ හිටියා.. එයා මගේ හිත සුවපත් කළා..”

එහෙත් ලියානා ගත් මේ තීරණය දූෂණයට පත්ව ගැබ්ගත් කාන්තාවන් අතර විරල තීරණයක්ද නොවේ.

දූෂණයට ලක්ව ගැබ් ගත් කාන්තාවන් ඇසුරෙන් ආචාර්ය සැන්ඩ‍්‍රා මාකෝන් කළ සමීක්ෂණයකට අනුව ඒ කාන්තාවන්ගෙන් 70% - 80% ක් පමණම ගබ්සාවට කැමති වූයේ නැත. එයට හේතුව ලෙසින් ඔවුන් කියන්නේ දූෂණය මෙන්ම ගබ්සාවද තම ශරීරයට කරන හිංසාවක් බවය. එමෙන්ම ස්ත්‍රී දූෂණයට දඬුවම් ලැබිය යුත්තේ දූෂකයාට මිස නූපන් දරුවකුට නොවන බවය. 

දූෂණයට ලක්ව ගැබ්ගත් දරුගැබ විනාශ කර දමන්නට තීරණය කළ අය වුවද පවසන්නේ තමන්ගේ ගැටලූවලට එයින් විසඳුම් නොලැබුණු බවය. එසේම තමන් ගත් තීරණය ගන්නට අන් අයට නිර්දේශ නොකරන බවය. 

දූෂණයෙන් ලද තම දරුවා හදාවඩා ගන්නට තීරණය කළ බොහෝ කාන්තාවන් පවසන්නේ දූෂණය වීමෙන් ලබන අමිහිරි පසුඅත්දැකීම් වන අවමානය” පීඩනය” වැනි දේවල් අතර ශේෂ වන එකම හොඳ දෙය වනුයේ තමන් ලැබූ දරුවා පමණක් වන බවය. 

ඒ ප්‍රකාශයට නම් ලියානාත් එකඟය. 

ලියානාගේ විනාශ වෙන්නට ගිය ජීවිතයට” ඇගේ දියණිය අලූත් අරුතක් ගෙන දුන්නාය. දියණියගේ හැම සිනාවක්ම ඇගේ ජීවිතයේ තැවුල් සංකා එකින් එක මකා දැමීය. 

ලියානාගේ දියණියට දැන් වයස අවුරුදු විසිතුනක. ලියානාත් ඇයත් අතර ඇත්තේ දැඩි බැඳීමක. ලියානා අද ධනාත්මක චින්තන දේශිකාවක ලෙසින් ලොව වටා දේශන පවත්වන්නීය. හිංසනයේත්” අපචාරවලත් ගොදුරු බවට පත් වන අයගේ යහපත වෙනුවෙන් ක්‍රියා කරන්නටත්” ජීවිතයේ වටිනාකම ඔවුන්ට කියා දෙන්නටත් ඇය Loving Life නමින් සංවිධානයක්ද පිහිටුවාගෙන සිටින්නීය.

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top