Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 September 22
222
Views
එක්සත් ජාතික පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස අතර තීරණාත්මක හමුවක් අද පැවැත්වීමට නියමිතයි.

මෙහිදී එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති ධූර අපේක්ෂකත්වය සම්බන්ධයෙන් මතුව ඇති අර්බුදය පිළිබඳව සාකච්ඡා කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

මීට පෙරද අග්‍රාමාත්‍යවරයා සහ අමාත්‍ය සජිත් ප්‍රේමදාස අතර මේ සම්බන්ධයෙන් සාකච්ඡා පැවති අතර, තමන් ජනාධිපති ධුර අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වන බවට එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ වෙත මේ වනවිටත් ලිඛිතව දැනුම් දී අවසන්.

එමෙන්ම ජනාධිපති අපේක්ෂකයා නම් කිරීම තවදුරටත් ප්‍රමාද කළ නොහැකි බවටයි එම ලිපිය මගින් පෙන්වා දී ඇත්තේ.

මේ අතර, ජාතික හෙළ උරුමය ඊයේ නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලයේ මතය අනුව පමණක් ජනාධිපති ධුර අපේක්ෂකයා තෝරා ගන්නේ නම් ඊට එකඟ විය නොහැකි බවයි. කල් නොයවා එක්සත් ජාතික පෙරමුණේ පාර්ලිමේන්තු කණ්ඩායම රැස් කරවා අපේක්ෂකයා තෝරා ගැනීමට කටයුතු කළ යුතු බවයි ඔවුන් එමඟින් තවදුරටත් සඳහන් කළේ.

කෙසේ වෙතත්, අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහනුවර ප්‍රදේශයේදී ඊයේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස්වී ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් කරන අපේක්ෂකයා තෝරාගන්නා බවයි.
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top