Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 September 21
480
Views
තලාව - එප්පාවල ප්‍රධාන මාර්ගයේ එප්පාවල එළියදිවුල්වැව ප්‍රදේශයේ බස්‌ රථයක්‌ හා යතුරු පැදියක්‌ මුහුණට මුහුණ ගැටීමෙන් සිදු වු අනතුරකින් යතුරු පැදිකරු එම ස්‌ථානයේදීම ජීවිතක්‍ෂයට පත් වූ බව එප්පාවල පොලිසිය පවසයි.
 
 මෙම අනතුර 19 දා පස්‌වරු 2.30 ට පමණ සිදුව ඇති අතර, අනතුරින් ජීවිතක්‍ෂයට පත්ව ඇත්තේ එප්පාවල ඇඳගල ප්‍රදේශයේ පදිංචි අසේල කුමාර නමැති 28 හැවිරිදි තරුණයෙකි.
 
 අනුරාධපුර සිට කොළඹ බලා ධාවනය කෙරුණු බස්‌ රථයක මෙලෙස එප්පාවල දෙස සිට තලාව දෙසට ධාවනය වූ යතුරු පැදිය මුහුණට මුහුණ ගැටී ඇත්තේ එප්පාවල එළියදිවුල්වැව ප්‍රදේශයේ පිහිටි වැව අසලදීය. අනතුර සිදු වී මීටර 300 කට වැඩි දුරක්‌ යතුරු පැදිය බස්‌ රථයත් සමඟ ඇදී ගොස්‌ බස්‌ රථය යට නතර වී තිබිණි. බස්‌ රථය හා යතුරුපැදිය පාලනය කර ගත නොහැකි වේගයකින් ගමන් කර ඇතැයි එප්පාවල පොලිසිය පවසයි.
 
 අනතුරින් යතුරුපැදියේ ගමන් ගත් යතුරු පැදිකරු එම ස්‌ථානයේදීම ජීවිතක්‍ෂයට පත්ව තිබේ. 
 
 අනතුර සිදු වීමත් සමඟ බස්‌ රථයේ රියෑදුරු හා කොන්දොස්‌තර පළා ගොස්‌ තලාව පොලිසියට භාර වීමෙන් අනතුරුව එප්පාවල පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත. සිද්ධිය සම්බන්ධයෙන් එප්පාවල පොලිසිය වැඩිදුර පරීක්‍ෂණ සිදු කරයි.
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top