Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 September 21
1,409
Views

චීන ජාතික දරුවන්ට ඇමෙරිකාවේ පුරවැසිභාවය ලබා දීම සඳහා එක්තරා චීන කාන්තාවක කරගෙන ගිය කූට ජාවාරමක් අල්ලා ගැනීමට ඇමෙරිකානු විමර්ශන අංශ සමත්ව තිබේ.

ඇමෙරිකාවේ පදිංචිව සිටින, ‍ෙදාංග්යුවාන් ලී නමැති මෙම කාන්තාව  මෙම ජාවාරම සිදු කර ඇත්තේ දරුවන් ලැබීමට ආසන්නව සිටින ධනවත් චීන කාන්තාවන්ට ඇමෙරිකාවට පැමිණ සිය දරුවන් බිහි කිරීමට අවස්ථාව සලසා දීම මඟිනි. මේ වෙනුවෙන්ම ඇය සමාගමක් පවා පිහිටුවාගෙන තිබී ඇත. එය හැඳින්වෙන්නේ කධභ එඪද උඉඒ ඍචජචබඪධද ඉඥපමඪජඥඵ යන නමිනි. මේ ආකාරයෙන් ඇමෙරිකාවේ උපදින දරුවන් සැලකෙන්නේ ඇමෙරිකානු පුරවැසියන් වශයෙනි. ‍ෙදාංග්යුවාන් ලී ඇයගේ සමාගම පවත්වාගෙන ගොස් ඇත්තේ සංචාරක සමාගමක් ලෙසින් බව පෙනේ. ඇය සිය සේවාව සැපයීම වෙනුවෙන් එක් අයකුගෙන් ඇමෙරිකානු ඩොලර් 40,000- 80,000 ත් (ලංකා රුපියල් කෝටි 1-2 ත්) අතර මුදලක් අය කර ඇත. වසර දෙකක කාලයක් තිස්සේ මෙම ජාවාරමෙහි නිරත වීමෙන් ඇය ඇමෙරිකානු ඩොලර් මිලියන 3 කට කිට්ටු ආදායමක් උපයා ගෙන තිබේ. එය ලංකා මුදලින් රුපියල් කෝටි 80 කට ආසන්න ප්‍රමාණයකි. මේ මුදල්වලින් ඇය කැලිෆෝනියාවේ සුඛෝපභෝගී නිවසක් සහ මර්සිඩිස් බෙන්ස් රථ කිහිපයක් පවා නඩත්තු කළ හැකි තත්ත්වයට පත්ව ඇති බව පැවසේ.

දරුවන් ලැබීමට සිටින කාන්තාවන්ට ඇමෙරිකාවට පැමිණීමේ තහනමක් නැත. නමුත් එසේ පැමිණෙන විට වීසා ලබා ගැනීමේ දී සත්‍ය කරුණු අනාවරණය කළ යුතුය. එමෙන්ම දරු ප්‍රසූතිය සඳහා වන වියදම් දැරිය යුතුය. කෙසේ නමුත් ‍ෙදාංග්යුවාන්ගේ ගනුදෙනුකරුවන් ඇමෙරිකාවට පැමිණ ඇත්තේ වංචනික ආකාරයෙන් බව හෙළි වී තිබේ. ඔවුන් ගැබ්බර බව පවා ආගමන විගමන අංශවලට අනාවරණය කර නැතැයි සඳහන් වේ. මේ ආකාරයෙන් ගැබ්බර බව සඟවාගෙන මෙම අංශවලින් බේරී එන්නේ කෙසේද යන්න ගැන උපදෙස් දීම සහ සැලසුම් කිරීම පවා ‍ෙදාංග්යුවාන්ගේ සේවාවලට අයත් බව අනාවරණය වී ඇත. එමෙන්ම ඔවුන් වීසා ලබා ගැනීමේදී සඳහන් කරන බව පැවසෙන්නේ සති දෙකක් වැනි කාලයක් පමණක් ඇමෙරිකාවේ රැඳී සිටින බවයි. නමුත් දරු ප්‍රසූතිය සඳහා සහ එයින් පසු මෙම කාන්තාවෝ  ඊට වැඩි කාලයක් ඇමෙරිකාවේ රැඳී සිටිති. ‍ෙදාංග්යුවාන්ලී මේ ආකාරයෙන් වංචනික ලෙස ගැබ්බර කාන්තාවන් 500 කට ආසන්න සංඛ්‍යාවක් ඇමෙරිකාවට ගෙන්වා ගෙන තිබේ. ඔවුන් රඳවා තැබීම සඳහා ලොස් ඇන්ජලීස් නුවර සුවපහසු නිවාස 20 ක් පමණ ඇය පවත්වාගෙන ගොස් ඇතැයි ද වාර්තා වෙයි. මෙයින් පෙනෙන්නේ මෙය ඉතාම සැලසුම් සහගත ආකාරයෙන් කරගෙන ගිය ජාවාරමක් බවයි.

චීනයේ සිට කෙළින්ම ලොස් ඇන්ජලීස් වෙත පැමිණෙනු වෙනුවට මෙම ගනුදෙනුකාරියන්ට උපදෙස් දී තිබී ඇත්තේ මුලින් හවායි බලා පැමිණෙන්නටය. හවායි යනු ඇමෙරිකාවේ ප්‍රාන්තයක් වන අතර එය දූපත් සමූහයකින් සමන්විත ය. මේ ආකාරයෙන් මුලින් හවායි වෙත පැමිණෙන්නට උපදෙස් දී ඇත්තේ එහිදී  ආගමන විගමන කඩුලුවලින් පැන ගැනීම වඩා පහසු නිසා බව පැවසේ. පසුව එහි සිට ඔවුන් ලොස් ඇන්ජලීස් වෙත පැමිණ තිබේ.

මෙයට මාස කිහිපයකට පෙර අත්අඩංගුවට ගනු ලැබූ ‍ෙදාංග්යුවාන්ලීට එරෙහිව මේ වනවිට නඩු විභාගයක් පැවැත්වෙයි. පසුගිය සතියේ ඇය තමා විසින් කරන ලද වංචනික ක්‍රියා සම්බන්ධයෙන් වරද පිළිගත් බව ඇමෙරිකානු මාධ්‍ය අනාවරණය කර තිබිණි.  මෙහිදී දඩ වශයෙන් ඇයගේ වත්කම් රැසක්  භාර දී  ඇතැයිද සඳහන් වේ.  ඇමෙරිකානු ඩොලර් 500,000 ක් (රුපියල්  කෝටි 14 ක්) පමණ වටිනා නිවෙසක්, මර්සිඩීස් බෙන්ස් රථයක් මේ ආකාරයෙන් භාර දී ඇත. මෙම ජාවාරම නිසා ‍ෙදාංග්යුවාන්ලිට ඇමෙරිකාව තුළ අතිශය සුඛෝපභෝගී ජීවිතයක් ගත කිරීමට හැකියාව ලැබී ඇති බව පෙනී යයි. කෙසේ හෝ වේවා, ඇය සම්බන්ධ  මෙම නඩුවට අදාළ තීන්දුව ලබන දෙසැම්බරයේ ලබාදීමට නියමිතව තිබේ. එයින් ඇයට වසර 15 ක පමණ සිර දඬුවමක් හිමිවීමට ඉඩ ඇති බව සඳහන් වෙයි.

ඇමෙරිකානු බලධාරීන් පවසන්නේ පසුගිය කාලය තුළ මෙවැනි ජාවාරම් කරන තවත් කිහිපදෙනකු අල්ලා ගැනීමට හැකි වී ඇති බවයි. ඔවුන් මෙය සලකන්නේ ඇමෙරිකාවේ ආරක්‍ෂාවටද තර්ජනයක් විය හැකි තත්ත්වයක් වශයෙනි. චීන රජයට සම්බන්ධ නිලධාරීන්ගේ භාර්යාවන් පවා මේ ආකාරයෙන් ඇමෙරිකාවේදී දරුවන් ප්‍රසූත කර එම දරුවන් ඇමෙරිකානු පුරවැසියන් බවට පත් කර ඇති බව හෙළිදරව් වී ඇත. මෙම දරුවන් වයසින් වැඩෙද්දී ඔවුන්ගේ නෑයන් ට පවා ඇමෙරිකානු පුරවැසිභාවය ලබාගැනීම සඳහා උදව් කිරීමට ඔවුන්ට හැකියාව ලැබේ.  මේ ආකාරයෙන් ඇමෙරිකාවේ පදිංචි වන අය විවිධාකාරයෙන් පාවිච්චි කිරීමට චීන රජය උත්සාහ කරනු ඇති බවත්, එය ඇමෙරිකාවේ ජාතික ආරක්‍ෂාවට තර්ජනයක් එල්ල කරන තත්ත්වයක් විය හැකි බවත් ඇතැම් ඇමෙරිකානු බලධාරීන්ගේ අදහසයි.

මේ අතර ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මේ සම්බන්ධයෙන් ලොකු අවධානයක් යොමුකර ඇති බවක්ද දැකිය හැකි වේ. ඇමෙරිකාවේ උපන්  පලියට එරට පුරවැසිකම ලබාදීමේ නීතිය වෙනස් කිරීමේ අදහසක් ඔහු තුළ පවතින බව ද  පෙනී යයි.

සනත් වික්‍රමගේ

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top