Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 September 20
2,149
Views

රොශාන්- රිද්මා ආදරණිය කැදැල්ලට පහුගිය දවසක එකතු වුන අලුත් අමුත්තා ගැන අපි මීට කලින් දවසකදී ඔබට කිවුවා මතක ඇති. දරුවාගේ හුරතල් එක්ක රොශාන්ගේත් රිද්මාගේත් දවස වෙනදට වඩා කාර්යබහුල වෙලා තියනවා කියලා රිද්මා එයාගේ ෆේස්බුක් ගිණුමට පහුගිය දවස් කිහිපයේදීම දාපු සටහන් දැක්කම අපිට හිතාගන්න පුළුවන්.

කුලුඳුලේම අම්මා කෙනෙක් වුන රිද්මා ඔන්න අද තමන්ගේ මේ ආදරණිය පුංචි පුත් කුමාරයා වෙනුවෙන් බොහොම අපූරු සටහනක් ෆේස්බුක් දාල තිබුනා. නිකන්ම නෙමෙයි බොහොම අපූරු ඡායාරූප කිහිපයක් එක්ක. 

මේ සටහනේ තව විශේෂත්වයක් තිබුනා. පළවෙනි වතාවට ඔන්න රිද්මා පුංචි පුතාගේ නම ප්‍රසිද්දියේම කියලා තිබුනා. ඒක හරි අපූරු බොහොම ලස්සන දිගම දිග නමක්. "පොල්වත්තේ රාජපක්ශ රාජකරුණා වාසල මුදියන්සේලාගේ "රාහුල් පෘථිවි " බණ්ඩාර අභයසිංහ පිලපිටිය" ඒ තමයි පුංචි පුතාගේ නම. 

ඉතින් මේක දැකපු ගොඩක් අය රොෂාන්ට වගේම රිද්මාටත් සුබ පැතුම් එකතු කරන්න අමතක කරලා තිබුනේ නෑ. කොහොම වුනත් ගොඩක් අයගේ හිතට දැනෙන්න බොහොම හැඟීම්බරව රිද්මා ඒ කියල තිබේ මෙන්න මේ වගේ කතාවක්.

 

"❤️. පොල්වත්තේ රාජපක්ශ රාජකරුණා වාසල මුදියන්සේලාගේ "රාහුල් පෘථිවි " බණ්ඩාර අභයසිංහ පිලපිටිය. ❤️

නුබ ඉපදුනු දා මා ද සම්පූර්න වුනා මගේ රත්තරං පුතේ 2019/09/06

දස මසක් කුසේ දරන් නුබ එනකල් කුස පිරිමදිමින් මග බලන් හිටිය නුබේ අම්මා මමයි

රතු ලේ සුදට හැරවුනේ නුබේ කෙරේ ඇති අසීමිත සෙනෙහේ නිසයි

සසර පුරා නුබ මගේම පුතු වෙලා මගේ කුසේම ඉපදෙන්න ඇතී සිතුනා

සිගිති මුවේ රන් සිනා දකින හැම වාරේ මා කොතරම් වාසනාවන්ත ද කියා සිතුනා.✍️

රොශාන් පිලපිටිය /රිද්මා පිලපිටිය /රාහුල් පිලපිටිය"

 

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top