Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 September 20
112
Views
පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සොයාබැලීමට පත් කෙරුණු විශේෂ තේරීම් කාරක සභාව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගෙන් පැය දෙක හමාරකට ආසන්න කාලයක් ප්‍රකාශ ලබා ගත් බව එහි සභාපති කථානායක ආනන්ද කුමාරසිරි පවසනවා.

ලබන 24 වන දා විශේෂ තේරීම් කාරක සභාව පාර්ලිමේන්තුවේදී යළි රැස්වීමට නියමිත අතර එහිදී අවසන් වාර්තාව පිළියෙල කිරීම සම්බන්ධයෙන් අවධානය යොමු කෙරෙනු ඇති.

එමෙන්ම, පාස්කු ප්‍රහාරය පිළිබදව සොයා බැලීම සඳහා ජනාධිපතිවරයා විසින් පත් කළ කමිටු වාර්තාවේ නිර්දේශ ද අදාළ අවසන් වාර්තාවට ඇතුළත් කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අවසර ලබාදුන් බවයි නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි වැඩිදුරටත් සදහන් කළේ.

ඒ අනුව පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලූ තේරීම් කමිටුවේ අවසන් වාර්තාව ඔක්තෝම්බර් මස පළමු හෝ දෙවන පාර්ලිමේන්තු සතියේදී භාෂා ත්‍රිත්වයෙන්ම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව ද ඔහු වැඩිදුරටත් කියා සිටියා.
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top