Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka
2019 September 20
වත්තල - හේකිත්ත මං සන්ධියේ රෙදි අලෙවිසැලක ගින්නක් හටගෙන තිබෙනවා.
මහල් 3කින් සමන්විත අදාළ වෙළදසැලෙහි අද උදෑසන 6.30ට පමණ මෙම ගින්න හටගෙන ඇති බවට වාර්තා වී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.
කොළඹ මහ නගර සභාවේ ගිනි නිවන ඒකකය, පෑලියගොඩ නගර සභාවේ ගිනි නිවන ඒකකය සහ වැලිසර නාවික හමුදා කඳවුරේ නිලධාරීන්, වත්තල පොලීසිය සමඟ එක්ව ගින්න මැඬ පැවැත්වීම සඳහා මේ වන විට කටයුතු කරමින් සිටින බව සඳහන්.
මේ අතර, ගින්න හේතුවෙන් කොළඹ - මීගමුව ප්‍රධාන මාර්ගයේ රථ වාහන තදබදයක් ද හටගෙන ඇති බවයි පොලීසිය කියා සිටියේ.
මේ නිසා විකල්ප මාර්ග භාවිත කරන ලෙස රියදුරන්ගෙන් ඉල්ලීමක් කෙරෙනවා.
Top