Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 September 20
611
Views
ත්‍රිකුණාමලය - කොළඹ ප්‍රධාන මාර්ගයේ කන්තලේ 91 ප්‍රදේශයේ දී ඊයේ (19) අලූයම ලංගම බස් රථයකට ලක්ෂ 6 ක් පමණ වටිනා මී ගවයන් තිදෙනකු හැපීමෙන් සිද්ධිය වූ ස්ථානයේදීම දෙදෙනකු මිය ගොස් ඇති අතර එකෙකු අසාධ්‍යව සිටිනු දක්නට ලැබිණි.
 
 කින්නියා ඞීපෝවට අයත් ලංගම බස් රථය කොළඹ බලා ධාවනය වෙමින් තිබියදී මෙම අනතුර සිදුවී ඇති අතර බස් රථයටද දැඩි අලාභ හානි සිදුවී ඇත.

මී ගවයන් කින්නියාව ප්‍රදේශයේ ගව හිමියෙකුට අයිති සතුන් බවත්, ඔවුන් කන්තලේ මහ වැව් පිටියේ අයාලේ යමින් සිටියදී මහමඟට පැමිණ මෙසේ අනතුර සිදුවී ඇති බවත් ප්‍රදේශවාසීහු පැවසූහ. කන්තලේ මූලස්ථාන පොලිසියේ ප්‍රවාහන අංශය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කොට ඇත.
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top