Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 September 19
385
Views
ඌරුබොක්ක - බෙරලපනාතර ප්‍රදේශයේදී  ව්‍යාපාරිකයෙකු පැහැරගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලීසිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

බෙරළපනාතර සති පොළ අසළදී අද පෙරවරු 6.30 ට පමණ වෑන් රථයකින් පැමිණි කිසියම් පිරිසක් මෙම පැහැරගැනීම සිදුකර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.

පැහැරගැනීමට ලක්ව ඇති පුද්ගලයා එම ප්‍රදේශයේම පදිංචි 45 හැවිරිදි තේ ව්‍යාපාරිකයෙකු වන අතර, ඔහු බෙරළපනාතර විවිධ සේවා සමූපකාර සමිතියේ අධ්‍යක්‍ෂ මණ්ඩල සාමාජිකයෙකු බවද අනාවරණ වී තිබෙනවා.

සිය දරුවා පාසල් යැවීමට බස් රථයට ඇරලවීම සඳහා ගොස් යළි පැමිණෙමින් සිටියදී මෙම පැහැරගැනීම සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් එම පුද්ගලයාගේ බිරිඳ පසුව ඌරුබොක්ක පොලීසියට පැමිණිලි කර තිබුණා.
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top