Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 September 19
103
Views
ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද ඉල්ලුම් කිරීම සඳහා අද සිට රාජ්‍ය සේවකයන්ට අවස්ථාව පවතින බව මැතිවරණ කොමිසන් සභාව පවසනවා.

එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ තැපැල් ඡන්ද ඉල්ලුම් කිරීමට ලබන 30 වනදා දක්වා අවස්ථාව පවතින බවයි.

එමෙන්ම ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බවට ස්වාධීන අපේක්ෂකයන් දෙදෙනෙකු මැතිවරණ කොමිෂන් සභාව හමුවේ අද පෙරවරුවේ ඇප තැන්පත් කළා.

ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයෙන් පාර්ලිමේන්තුවට පිවිසි හිටපු මන්ත්‍රී ජයන්ත කැටගොඩ සහ ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. අමරසිංහයි මෙලෙස මැතිවරණ කොමිෂන් සභාව හමුවේ ඇප තැන්පත් කර ඇත්තේ.
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top