Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 September 19
516
Views
රග්බි ක්‍රීඩාවේ මහා මංගල්‍ය හෙවත් නව වැනි රග්බි ලෝක කුසලාන හෙට (20 දා) ජපානයේදී ආරම්භ වේ. මෙවර රග්බි ලොව කිරුළ දිනන සටනට ලොව රටවල් 20 ක් සුදුසුකම් ලබා තිබේ.
 
 රග්බි ලෝක කුසලානට සුදුසුකම් ලැබීම සඳහා රටවල් 93 ක් උත්සහ කළද ඒ අතරින් හොඳම කණ්ඩායම් විස්ස මෙවර තරගාවලියට සහභාගි වේ. අදාළ කණ්ඩායම් කාණ්ඩ හතරක් යටතේ තරග වදින අතර අවසන් මහා තරගය නොවැම්බර් 2 වැනිදා පැවැත්වේ.
 
 හෙට දිනයේදී මනරම් සමාරම්භක උත්සවයකින් පසු නව වැනි රග්බි ලෝක කුසලාන ආරම්භ කිරීමට සියලූ කටයුතු සුදානම් කර තිබියදී පළමු සටනට ජපානය සහ රුසියාව සහභාගි වේ. ඉකුත් රග්බි ලෝක ශූරයන් වන නවසීලන්තය සිය පළමු සටනට අනිද්දා (21 දා) දකුණු අප්‍රිකාව සමගින් සහභාගි වේ.
 
 තරගාවලියට සහභාගි වන අයර්ලන්තය, ස්කොට්ලන්තය, ජපානය, රුසියාව සහ සැමෝවා යන රටවල් ‘ඒ’ කාණ්ඩයෙන්ද නවසීලන්තය, දකුණු අප්‍රිකාව, ඉතාලිය, නැම්බියාව සහ කැනඩාව ‘බී’ කාණ්ඩයෙන්ද එංගලන්තය, ප්‍රංශය, ආර්ජන්ටිනාව, අමරිකාව සහ ටොන්ගා යන රටවල් ‘සී’ කාණ්ඩයෙන් සහ ඔස්ට්‍රේලියාව, වේල්සය, ජෝජියාව, ෆීජි සහ උරුගුවේ ‘ඞී’ කාණ්ඩයෙන්ද තරගාවලියට ඉදිරිපත්ව තිබේ.
 
 1987 වසරේ පළමු වරට ආරම්භ වූ රග්බි ලෝක කුසලාන තරගාවලියේ වැඩිම වරක් කුසලාන දිනා ගැනීමට නවසීලන්තය සමත්ව තිබේ. ඔවුන් 1987, 2011 සහ 2015 වසරවලදී ශූරතාව දිනා තිබේ. මීට අමතරව දකුණු අප්‍රිකාව (1995, 2007), ඔස්ට්‍රේලියාව (1991, 1999) සහ එංගලන්තය (2003) ඉතිහාසයේ රග්බි ලෝක කුසලාන දිනා ගැනීමට සමත්ව තිබේ.
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top