Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 September 18
202
Views

ලෝක සංචාරක දිනය නිමිතිකොට ගෙන මේ මස 27 වන දින සීගිරිය නැරඹීම සඳහා අලුයම පහට සංචාරකයන්ට විවෘත කිරීමට මධ්‍යම සංස්කෘතික අරමුදල තීරණය කර තිබෙනවා.

බොහෝ සංචාරකයන් අළුයම් කාලයේ පිදුරංගලගලට නැග ඉරපායන දසුන නරඹන බවත් ඊට සමගාමීව සීගිරි පව්ව මත හිඳ ඉර පායන දසුන් නැරඹීම සඳහා සංචාරකයන්ට මෙදින අවස්තාව ලබා දීම මෙහි අරමුණ බවත් මධ්‍යම සංස්කෘතික අරමුදල සීගිරියේ ව්‍යාපෘති කළමනාකරු මේජර් අනුර නිශාන්ත පවසනවා.

සාමාන්‍ය පරිදි සීගිරිය නැරඹීම සඳහා ප්‍රවේශ පත්‍ර නිකුත් කරනු ලබන්නේ උදෑසන හතේ සිට පස්වරු 5.00 දක්වා කාලසීමාව තුළදීය .ලෝක සංචාරක දිනය දා දෙස් විදෙස් සංචාරකයන්ට අලුයම පහේ සිට සීගිරි පව්ව මතට නැඟීම සඳහා ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම සිදු කරන බවද ඔහු තවදුරටත් සඳහන් කරනවා.

ලෝක සංචාරක දිනය සැමරීම සඳහා සීගිරිය අවට සුද්ධ පවිත්‍ර කිරීමේ ශ්‍රමදානයක් ද මෙදිනට සංවිධානය කොට ඇති අතර ඊට අමතරව දිළිඳු පවුලකට නිවාසයක් ඉදි කොට එය පරිත්‍යාග කිරීම ද සීගිරිය පොලිසිය මධ්‍යම සංස්කෘතික අරමුදල සහ රාජ්‍ය ආයතන කීපයක් එක්ව සිදු කිරීමට නියමිත බවද ඔහු තවදුරටත් සඳහන් කළා. 

 

දඹුල්ල කේ .කේ .ආරියදාස

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top