Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 September 18
330
Views
විවාහ මංගල උත්සවයට අවශ්‍ය භාණ්ඩ කීපයක් රැගෙන ඒමට ගිය මනාල යුවලක් වවුනියාව කුරුමන්කාඩු ප්‍රදේශයේදී 17 දා රාත්‍රී අනතුරකට ලක්වීමෙන් එම යුවලම රෝහල් ගත කොට තිබේ.

සැප්තැම්බර් 18 වෙනිදා පැවැත්වීමට නියමිතව තිබූ විවාහ මංගල උත්සවය සදහා අවශ්‍ය භාණ්ඩ කීපයක් රැගෙන ඒම සදහා කුරුමන්කාඩූ ගම්මානයේ සිට වවුනියාව නගරයට මේ යුවල පැමිණෙමින් සිටියදී ඔවුන් ගමන් ගත් යතුරු පැදිය තවත් යතුරු පැදියක ගැටීම නිසා මේ අනතුර සිදුව තිබේ.

මෙම අනතුරෙන් මනාල යුවල සමග අනෙක් යතුරු පැදියේ ගමන් කරමින් සිටි කාන්තාවන් දෙදෙනෙකුද තුවාල ලබා ඇති අතර ඒ දෙදෙනා මව සහ දියණිය බව වවුනියාව පොලීසිය ප්‍රකාශ කරයි.

මනාල යුවලගෙන් මනාලයාගේ හිසට බරපතල තුවාල සිදුව ඇති අතර ඒ හේතුව නිසා විවාහ මංගල උත්සවයද කල් දමා තිබේ.

වවුනියාව පොලීසිය මේ අනතුර පිළිබදව පරීක්ෂණ පවත්වා ගෙන යයි.
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top