Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 September 18
336
Views
බණ්ඩාරගම ආර්.ඒ.එස්. ප්‍රේමතිලක
 
 අවුරුදු පහයි මාස නවයක් වයසැති සිඟිති දියණියක් බරපතල ලිංගික අපයෝජනයට ලක්කිරීම සම්බන්ධයෙන් පාසල් සිසුවෙක් සැකපිට අත්අඩංගුවට ගත් බව කළුතර උතුර පොලිසිය කියයි. මෙසේ අත්අඩංගුවට පත්වූයේ කළුතර උතුරේ පදිංචි 13 හැවිරිදි පාසල් සිසුවෙකි.
 
 පසුගිය දිනක සිය දියණියගේ අසාමාන්‍ය රෝගී ලක්‍ෂණයක් දැක මව දැරිය රැගෙන වෛද්‍යවරයෙක් හමුවට ගොස් ඇති අතර එහිදී ඉක්මනින් රෝහල්ගත කරන ලෙස වෛද්‍යවරයා දැනුම් දී තිබේ.
 
 රෝහල් ගත කිරීමෙන් පසු දැරිය ඇය බරපතල ලිංගික අපයෝජනයකට ලක්ව ඇති බවට ඇය පරීක්‍ෂා කළ අධිකරණ වෛද්‍යවරයා සඳහන් කළ බැව් රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය.
 
 25 හැවිරිදි මව දැරියගෙන් විමසීමේදී යාබද නිවසක අයියා විසින් හිරිහැර කළ බැවි දැරිය පවසා ඇති බවට පැමිණිල්ලේ සඳහන් වෙයි. සැකකාර පාසල් සිසුවා කළුතර අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. කළුතර උතුර පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක ඔසිත ලංකා ද සිල්වා මහතාගේ උපදෙස් පරිදි පොලිස් කණ්ඩායමක් පරික්‍ෂණ පවත්වයි.
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top