Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 September 18
282
Views
පාකිස්තාන් ජාතික ක්‍රිකට් කණ්ඩායමේ නව පුහුණුකරු මිස්බා උල් හක් විසින් එරට ජාතික සහ පළමු පෙළ ක්‍රීඩකයන්ට බර ආහාර කෑමෙන් වැලකී සිටින ලෙස ස්ථාවර නියෝගයක් නිකුත් කර තිබේ. ඒ අනූව ඉදිරියේදී ඔවුන්ට පරිහරණය නොකළ යුතු ආහාර වර්ගද මිස්බා විසින් නම් කර තිබේ.
 
 බිස්බා විසින් බුරියානි, තෙල් බහුල ආහාර, රතු මස් සහ පැණි රස කෑම නවත්වන මෙන් නියෝග කර තිබේ. සියලූම පුහුණු කදවුරුවලදීද එම කටයුත්ත අනුගමනය කරන ලෙස බිස්බා දැනුම් දී තිබේ.
 
 ‘පාකිස්තාන් ක්‍රීඩකයන් ජාතික කණ්ඩායමට ක්‍රීඩා කරන විට අනවශ්‍ය කෑම සහ තෙල් සහිත කෑම කෙරෙහි දැඩි ඇල්මක් ඇති බව මා දන්නවා.’ යනුවෙන්ද මිස්බා පවසා තිබේ.
 
 ඒ අනුව ක්‍රීඩකයන් ආහාර ගන්නා ආකාරය සම්බන්ධයෙන් පොතක සටනක් තබා ගැනීමේ වැඩපිළිවෙලක්ද මිස්බා විසින් පවත්වාගෙන යන අතර එහිදී ක්‍රීඩකයන්ගේ වර්ධන සම්බන්ධයෙන් ඔහු වැඩි අවධානයකින් පසුවේ.
 
 වයස අවුරුදු 43 දක්වා ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා පිටියේ ක්‍රීඩකයකු වශයෙන් සිටි මිස්බා මේ වන විට 45 වැනි වියේ පසුවේ.
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top