Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 September 18
820
Views
තම පුතා සහ මුණුබුරා විසින් රෙදි පටියකින් ගෙළ සිරකර ඝාතනය කලේ යැයි කියන හැටන් වටවල රොසැල්ල විග්ටන් වතුයායේ පදිංචිව සිටි වල්ලිඅම්මන් රාගෙයි නමැති 84 හැවිරිදි එක්දරු මවගේ දේහය භාර ගැනීමට කිසිවෙක් ඉදිරිපත් නොවන නිසා ඇයගේ අවසන් කටයුතු රජයේ වියදමින් සිදු කිරීමට හැටන් මහෙස්ත්‍රාත් අධිකරණයේ නියෝගයක් ලබාගෙන ඇති බව වටවල පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ලලිත් මහගෙදර මහතා පැවසීය.
 
 සිය පුතා සහ මුණුබුරා විසින් තම නිවස තුලදී සිය මව මියගිය බවත්, මිහිදන් කිරීමට මුදල් නොමැති නිසා දේහය කැලයකට ගොස් දමන බව පවසමින් ඉකුත් 9 දින රැගෙන ගොස් නිවස පිටුපස වගා ළිදක දමා තිබියදී වටවල පොලිසියේ නිලධාරින් විසින් සිරුර 13 දින ගොඩගෙන පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා දික්ඔය මූලික රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍යවරිය වෙත යොමු කර තිබුණි.
 
 මියගිය කාන්තාවගේ පශ්චාත් මරණ පරීක්ෂණය දික්ඔය මූලික රෝහලේදී (16) දින පැවැත්වූ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරිනී ඉනෝකා රත්නායක මහත්මිය ඇතුළු අධිකරණ වෛද්‍යවරුන් රෙදි පටියකින් ගෙළ සිර කළ සිදු කළ මනුෂ්‍ය ඝාතනයක් බව නිගමනය කර තිබුණි.
 
 පශ්චාත් මරණ පරීක්ෂණයෙන් පසු සිරුර දික්ඔය මූලික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර ඝාතනයට සම්බන්ධ බවට සැකකරන පුතා සහ මුණුබුරා වටවල පොලිසිය මගින් සැකපිට අත්අඩංගුවට ගෙන හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පුතා 23 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටත් මුණුබුරාද එදින දක්වා පේරාදෙණිය ළමා නිවසේ රඳවා තැබීමටත් මහෙස්ත්‍රාත්වරයා නියෝග කර තිබුණි.
 
 වල්ලිඅම්මන් රාගෙයි නමැති එක්දරු මව ඝාතනය කිරීම සම්බන්ධයෙන් වටවල පොලිසිය අංශ කිහිපයක් ඔස්සේ යළිත් පරීක්ෂණ ආරම්භ කර ඇත.
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top