Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 September 17
408
Views
සංවිධානාත්මක අපරාධකරුවෙකු වන මොහොමඞ් නජීම් මොහොමඞ් ඉම්රාන් හෙවත් කංජිපානි ඉම්රාන්ගෙන් අනිද්දා කටහඬ සාම්පල ලබාගැනීමට රජයේ රස පරීක්ෂකවරයා වෙත ඉදිරිපත් කරන ලෙස බන්ධනාගාර කොමසාරිස්වරයා වෙත කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න අද නියෝග කළා.

ඒ, කෙසෙල්වත්ත පොලිසියට අනුයුක්ත නිලධාරියෙකුට දුරකතනයෙන් මරණ තර්ජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් වන නඩුවට අදාළවයි.

ඒ අනුව එදින උදෑසන 10 ට කංජිපානි ඉම්රාන් රජයේ රස පරික්ෂකවරයා වෙත ඉදිරිපත් කිරීමටයි නියෝග කෙරුණේ.

මේ අතර, ඝාතනය කිරීම, ඊට ආධාර අනුබලදීම සහ කුමන්ත්‍රණය කිරීමේ සිද්ධීන් කිහිපයක් සම්බන්ධයෙන් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණයේ ඔහුට විරුද්ධව පවරා ඇති නඩු 7 ක් අද විභාගයට ගැනුනා.

එහිදී කංජිපානි ඉම්රාන් ලබන මස 1 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කාංචනා නෙරංජනා ද සිල්වා නියෝග කළේ.

මේ වනවිටත් ගංජා කිලෝ 05 යි ග්‍රෑම් 300 ක් ළඟ තබා ගැනීම සහ ජාවාරම් කිරීමේ චෝදනාවට ඔහුට වසර 06 ක බරපතල වැඩ සහිත සිරදඬුවමක් නියම වී තිබෙනවා.
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top