Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 September 17
438
Views

අද ඉන්දියානු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සිය 69 වන උපන්දිනය සමරනවා. ලෝකය පුරා බොහෝ දෙනෙක් ඒ වෙනුවෙන් ඔහුට සුබ පැතුම් එකතු කරද්දි බොලිවුඩ් නළු නිළියන් රැසකුත් ඔහු වෙනුවෙන් තමන්ගේ සුබ පැතුම් එකතු කරන්න අමතක කරලා තිබුනේ නෑ.

ආයුෂ්මාන් කුරාන්, අජේ දේව්ගන්, සංජේ දත් වගේ ජනප්‍රිය සුපිරි තරු රාශියක් තමන්ගේ සමාජ මාධ්‍ය ගිණුම් හරහා අගමැතිවරයාට සුබ පතලා තියනවා දකින්න ලැබුනා. 

ඉතින් බොලිවුඩ් සිනමාවේ තරුණියන්ගේ සිහින කුමාරයා විදිහට පිළිගැනෙන ආයුෂ්මාන් කුරාන් තමන්ගේ ට්විටර් ගිණුමට එකතු කරලා තිබුනේ මෙවැනි අදහසක්.   

“දෙවියන් වහන්සේ ඔබටත් අපේ ජාතියටත් යහපත් සෞඛ්‍යයක් හා සතුටක් ලබා දෙත්වා. සුභ උපන්දිනයක් නරේන්ද්‍ර මෝදි මහත්මයාණනි”

“Many happy returns of the day to the MAN who walks the talk with INDIA, @narendramodi Ji.” මේ තමයි සුපිරි බොලිවුඩ් නළු අජය දේව්ගන්ගේ උපන්දින සුබ පැතුම. 

“ඔබගේ උපන්දිනය වෙනුවෙන් ඔබට යහපතක් හා සතුටක් ප්‍රාර්ථනා කරනවා අගමැතිතුමනි. ඔබේ නායකත්වය යටතේ වසරින් වසර අපේ ජාතිය ඉහළටම ගෙන යාමට අවස්ථාව ලැබෙනවා වගේම  ඉන්දියාවට මඟ පෙන්වන ආලෝකය ලෙස දිගටම කටයුතු කරමු. ජය වේවා!” ලෙස සුබ පතමින් සංජේ දත් තමන්ගේ ට්විටර් ගිණුමට මේ විදහට පණිවිඩයක් එකතු කරලා තිබුනා.  

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top