Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 September 17
1,504
Views

නැගෙනහිර යුරෝපයේ Belarus ප්‍රාන්තයේ අවුරුදු 2ක පුංචි දරුවෙක් තමන්ගේ අම්මව මරා දමපු ටිකක් අමුතු විදිහේ සිද්ධියක් ටික දවසකට කලින් විදෙස් මාධ්‍ය වාර්තා කරලා තියනවා. එච්චර පුංචි දරුවෙක් කොහොමද මේ වගේ දෙයක් කරන්නේ කියලා මේ කතාව අහපු ඔබට එකපාරටම හිතෙනවට සැකයක් නෑ. ඒක ඇත්ත. ඇත්තටම මේ මරණය පුංචි දරුවා හිතාමතා කල දෙයක් නෙමෙයි කියලා තමයි මේ වෙද්දී හොයාගෙන තියෙන්නේ. ඒක ඇත්තටම අහම්බෙන් වෙච්ච දෙයක්.

මියගිය Yulia Sharko තමන්ගේ පවුලේ වාහනය තුල ඉඳපු මේ වයස අවුරුදු 2ක දරුවාව අඩක් විවෘත කරපු කවුළුවකින් එලියට ගන්න යද්දී තමයි මේ අනතුර සිද්ධ වෙලා තියෙන්නේ. දරුවාව එලියට ගන්න කවුළුව ඇතුලෙන් අම්මා වාහනය ඇතුලට එබෙන අතරේ පුංචි දරුවාගේ අතින් වාහනයේ කවුළුව වැසෙන ස්වයංක්‍රිය ස්විච්චය එබිලා තියනවා.ඉතින් කවුළුවට හිරවෙලා අම්මාගේ බෙල්ල තද වීමත් එක්ක එයා සිහිසුන් වෙලා වැටිලා තියනවා කියලයි දැනගන්න ලැබෙන්නේ. ඇයගේ සැමියා Artur ඇයව සොයාගන්න විටත් ඇය සිහිසුන් වෙලා ඉඳලා තියනවා වගේම හැකි ඉක්මනින් ඇයව රෝහල් ගත කරන්නත් පෙළඹිලා තියනවා.  

21 හැවිරිදි මේ මව එතනින් ගලවගන්න සැමියාට ටිකක් ලොකු වෙහෙසක් දරන්නත් වෙලා තියනවා. වාහනයේ කවුළුව කඩලා ඇයව රෝහල්ගත කලත් ඒ මොහොතේ සිද්ධ වුන හුස්ම හිරවීම නිසා මොලයට හානි සිද්ධ වීමෙන් ඇය මියයන්නේ අනතුර වෙලා දින අටකට පස්සේ. කොහොම වුනත් පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වන අතරේ මේක හිතාගන්නවත් බැරි තරමේ කණගාටුදායක සිද්ධියක් කියලා තමයි පවුලේ අයනම් කියන්නේ.   

Image result for Yulia Sharko

Image result for Yulia Sharko


Image result for Yulia Sharko

Image result for Yulia Sharko

Image result for Yulia Sharko

Image result for Yulia Sharko 

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top