Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 September 17
316
Views
ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වන ලෙස බොහෝ පාර්ශවයන් තමාගෙන් ඉල්ලා සිටින බව කථානායක කරු ජයසූරිය පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් ඔහු සඳහන් කළේ මහා සංඝරත්නය, සිවිල් සංවිධාන ප්‍රධානීන්, විවිධ ක්ෂේත්‍රවල විද්වතුන් මෙන්ම තරුණ සංවිධාන නියෝජිතයන් සහ දේශපාලන ක්‍රියාකාරීන් ද ඒ අතර වන බවයි.

කෙසේ නමුත්, එලෙස ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම පිළිබදව සලකා බැලිය හැක්කේ විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම, අරමුණු කර ගත් දේශපාලන බලවේග සමඟ එක්වීමෙන් පමණක් බව කථානායකවරයා අවධාරණය කළා.

එමෙන්ම, එක්සත් ජාතික පෙරමුණ ප්‍රමුඛ පාර්ශවයන් නියෝජනය කරමින් එලෙස ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ නම්, එය පක්ෂ ව්‍යවස්ථාවට අනුකූල විය යුතුයි.

ඒ සඳහා සියළු පාර්ශවයන්ගේ ආශිර්වාදය හිමි විය යුතු බව ද කථානායක කරු ජයසූරිය කියා සිටියා.
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top