Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 September 17
1,685
Views

ආක්ෂේ කුමාර්ගේ 52වන උපන් දිනය යෙදී තිබුණේ සැප්තැම්බර් 9 දාටය. ඔහු උපන් දිනය සැමරීම සදහා ලන්ඩනයට යද්දී පැපරාසීන් විසින් ගන්නා ලද ඡායාරූපයක් වෙබ් අඩවිවල පළ වී තිබිණි.
ආක්ෂේගේ පුතු ආරාව් සහ දියණිය නිතාරාගේ ඡායාරූප දකින්නට ලැබෙන්නේ එලෙස පවුලේ අය සමඟ පිටතට යන අවස්ථාවලදී ගන්නා ලද ඒවා පමණකි. තනිව ඡායාරූපවලට පෙනී නොසිටීම පිළිබඳව සිය දරුවන්ට දෝෂාරෝපණය කරන අය හා ඔවුන් විවේචනය කරන අය සමාජ වෙබ් අඩවිවල දකින්නට ලැබෙන බැව් ආක්ෂේ කියන්නේ කණගාටුවෙනි.

‘‘අවුරුදු 21ට අඩු දරුවන්ට අකාරුණිකව සැළකීම වගේම ඔවුන් දරුණු ආකාරයට විවේචනය කිරීමත් ඉතාම අසාධාරණ වගේම නීති විරෝධී ක්‍රියාවක් විදියටයි මම දකින්නෙ.. සමාජ වෙබ් අඩවි යොදා ගන්න ඕන හොඳ දේවල් ප්‍රචාරය කරන්න.. ඒත් අද මිනිස්සු පුරුදු වෙලා තියෙන්නෙ ඒවා හරහා අනිත් මිනිස්සු රිද්දන්න.. මඩ ගහන්න.. අපි දෙමව්පියෝ හැටියට දරුවන්ට හැමදේටම බය නැතුව මූණ දෙන්න, තමන්ට අපහාස කරන අයට අනුකම්පා කරන්න කියලා උගන්නනවා තමයි.. ඒත් ඒ වගේ දේවල් පුංචි හිත්වලට දරා ගන්න හරි අමාරුයි.. ජනප්‍රිය අයගේ දරුවෝ හැම වෙලාවෙම ජීවත් වෙන්නෙ පීඩාවෙන්.. ඔවුන්ට සමාජ වෙබ් අඩවි හරහාත් හිංසාපීඩා කරන එක හුඟක් වැරදියි.. ‘‘එළියෙ පැපරාසි ඉන්නවා.. මට යන්න බෑ.. කැමරා එළිවලටත් මම බයයි..’’ එළියට ගිහින් කෑම කන්න අපි කතා වෙනකොට මගෙ දුව එහෙම කිව්වම මගෙ පපුව පිච්චිලා ගියා.. ආරාව් වුණත් කැමරාවලට මූණ දෙන්න එච්චර කැමැත්තක් නෑ..’’

ආක්ෂේ පුවත්පතකට එසේ පවසා තිබිණි.

Image result for twinkle khanna

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top