Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 September 17
332
Views

යාපනයේ පේදුරුතුඩුව ප්‍රදේශයේ තරුණයෙකුගේ ජංගම දුරකතනය පියා විසින් ආපසු ලබා ගැනීම නිසා කෝපයට පත් එම තරුණයා 16 දා සවස පිහියකින් ගෙළ කපාගෙන සියදිවි හානි කරගැනීමට උත්සහ කොට තිබේ.

ගෙළ කපාගැනීම නිසා අසාධ්‍ය තත්ත්වයට පත්වූ තරුණයා වහාම පේදුරුතුඩුව රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව ඔහුගේ තත්ත්වය බරපතල නිසා ඔහුව යාපනය ශීක්ෂණ රෝහල වෙත මාරු කොට තිබේ.

මේ තරුණයාගේ පියා කැනඩාවේ රැකියාවකට ගොස් ආපසු පැමිණ දින දහයක් පමණ වන අතර ඔහු පැමිණෙද්දී මේ තරුණයාට අති නවීන පන්නයේ ජංගම දුරකතනයක් ගෙනැවිත් දී තිබේ.

වයස අවුරුදු දහ අටක මේ තරුණයා ජංගම දුරකතනය ලැබීමෙන් පසුව කිසිම අධ්‍යාපන කටයුත්තක හෝ නිවසේ කටයුත්තක  නිරත නොවීම නිසා මව හා තරුණයා අතර නිතරම රණ්ඩු ඇතිවීම නිසා පියා එම ජංගම දුරකතනය ආපසු ලබාගෙන තිබේ.

මින් කෝපයට පත් තරුණයා සියදිවි හානි කරගැනීම සදහා පිහියකින් ගෙළ කපා ගැනීම නිසා ඔහු අසාධ්‍ය තත්ත්වයට පත්ව තිබේ.

වවුනියාව- රසාදි චතුරංගි ගමගේ

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top