Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 September 17
135
Views
වෛද්‍යවරු, නීතිඥයන් ඇතුළු රජයේ උසස් නිලධාරීන් එක්ව රුපියල් ලක්‍ෂ පහ ආදී ලෙස මුදල් පෙන්නා සංවිධානාත්මක අයුරින් පවත්වාගෙන ගිය මහපරිමාණ බූරු පොළක් වටලා ත්‍රිරෝද රථ හයක් යතුරු පැදි සමග සැකකරුවන් හත්දෙනකු ගම්පොළ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

ගම්පොළ උලපනේ, උඩගම පාසලේ පිට්ටනිය අසල මහවැලි ගඟ දෙසට යෑමට ඇති අතුරු මාර්ගයේ ජන ශූන්‍ය ප්‍රදේශයක ඇති විශාල නිවසක මෙම බූරුපොළ පවත්වාගෙන ගොස් තිබුණි.

මාතලේ, මහනුවර, පිළිමතලාව, නාවලපිටිය, ගම්පොළ, වෙලම්බොඩ ආදී ප්‍රදේශවල සිට පැමිණි අය මෙසේ සූදු ගසා ඇති අතර මෙහිදී පැරදෙන අය උකස් කරන රන්බඩු, වාහන, ජංගම දුරකථන, ත්‍රිරෝද රථ, යතුරු පැදි ආදිය උකස් ගැනීමට කෙනකුද සිටින අතර සූදු පිටියට ආරක්‍ෂාව ලබාදීමටද කණ්ඩායමක් සිටි බව අනාවරණය වී ඇත.

සෑම ඉරිදා හා පොහොය නිවාඩු මෙන්ම අනෙකුත් රජයේ නිවාඩු දිනවල පමණක් මෙම සූදු පිටිය පවත්වන අතර එය විවිධ ප්‍රදේශවල පවත්වාගෙන යෑම සිදුකරගෙන තිබේ.

සූදු පිටියේ දී පරාද වන තැනැත්තාගේ නිවසේ ඊළඟ සූදු පිටිය පැවැත්වීම ද මෙහි විශේෂත්වයකි.

ඒ ආකාරයට මෙම නිවසේ හිමිකරු මීට පෙර රුපියල් ලක්‍ෂ 80 ක් පරාද වී තිබූ අතර එම නිසා මොහුගේ නිවසේ මෙම සූදුපිටිය මෙවර පවත්වා ඇති බවද පොලිසිය අනාවරණය කරගෙන තිබේ.

මෙම නිවසේ හිමිකරුගේ බිරිඳ ඉතාලි රටේ සිටින අතර ඇය එවූ මුදල් මෙසේ බූරු ගසා පරාද වී ඇති බවද හෙළිවී තිබේ.

මෙම ස්ථානයේ සූදු ගැසීම සඳහා 15 දෙනකු පමණ පැමිණ තිබූ අතර මොවුන්ගේ ආරක්‍ෂා ජාලය නිසා ඉන් කිහිප දෙනකු පැන ගොස් තිබේ. පොලිසිය කැලෑ රොදකදී ගමන් කර ඉතා අපහසුවෙන් මෙම හත්දෙනා අත්අඩංගුවට ගෙන තිබුණි.

බූරු පිටියේ සිටින අතරතුර ඔවුන් පානය කළ බියර් බෝතල් 60 ක්ද සොයාගෙන තිබුණි. අත්අඩංගුවට ගත් සියලූ දෙනා පොලිස් ඇප මත මුදා හැර තිබූ අතර ඔවුන් ලබන 18 වැනි දින ගම්පොළ අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top