Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 September 17
389
Views
සෞදි අරාබියේ තෙල් පිරිපහදු සංකීර්ණවලට ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ලවීමේ සිද්ධියෙන් පසු ගෝලීය සැපයුම සියයට 5කින් පමණ අහිමි වීමත් සමඟ ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල අද කැපී පෙනෙන අන්දමින් ඉහළ ගියා.

එහිදී බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල සියයට 11කින් පමණ ඉහළ ගිය අතර, එම තෙල් බැරලයක මිල සටහන් වූයේ ඩොලර් 68ක් ලෙසයි.

ඇමරිකානු ඩබ්ලිව්.ටී.අයි. තෙල් බැරලයක මිල ද සියයට 10කින් පමණ ඉහළ ගිය අතර, ආසියානු වෙළදපොළේ අලෙවි වූයේ ඩොලර් 61ක් ලෙසින්.

අද ගනුදෙනු ආරම්භයේ තෙල් බැරලයක මිල සියයට 20කින් පමණ ඉහළ යනු දක්නට ලැබුණා. විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ ගල්ෆ් කලාපයේ වාතාවරණය තවදුරටත් උණුසුම් වුවහොත් තෙල් බැරලයක මිල ඩොලර් 100 දක්වා ඉහළ යා හැකි බවයි.
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top