Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 September 17
152
Views
පාකිස්තානයේදී නව යොවුන්වියේ තරුණයෙකු විසින් තම පාසලේ හින්දු විදුහල්පතිවරයා ඉස්ලාමීය දේවාපහාසයක් සිදුකළේ යැයි චෝදනා කිරීමත් සමග ඇති වූ කැරලි කෝලාහලවලට සම්බන්ධ පිරිසක් අත්අඩංගුවට පත්ව තිබේ.

සින්ද් පළාතේ පිහිටි මෙම විදුහලේ ප්‍රධාන ආචාර්යවරයා විසින් මුහම්මද් නබිතුමා ගැන අදහස් දැක්වීමක් සම්බන්ධයෙන් මෙම චෝදනාව එල්ල විය.

ඒ අනුව, විශාල පිරිසක් සෙනසුරාදා ගොට්කි නගරයේ හින්දු කෝවිලකට, කඩ සාප්පුවලට හා පාසලට පහරදී තිබුණි.

කෙසේ වෙතත්, මෙසේ දේව අපහාසයක් සිදුකළේ යැයි කියන ගුරුවරයාද මේ වනවිට අත්අඩංගුවට පත්ව ඇති අතර, ඔහු වැරදිකරු වුවහොත් මරණීය දණ්ඩනය නියම වනු ඇත.

එමෙන්ම, අපහාස කිරීමේ පනත යටතේ කැරලිකරුවන්ටද චෝදනා එල්ල වී තිබේ. කෙසේ වෙතත්, ඔවුන්ට මරණය දඬුවමක් නියම නොවන බවද කියැවෙයි.

පාකිස්තාන මාධ්‍ය වාර්තා පවසන්නේ මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් පුද්ගලයින් 43 දෙනෙකුට එරෙහිව නඩු පවරා ඇති බවයි.  තවත් බොහෝ දෙනෙකුට කැරලි සහ සොරකම් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති බවද එරටින් වාර්තා වෙයි.
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top