Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 September 16
138
Views
තරඟ වදින ලාංඡනය වැදගත් වන්නේ මහ මැතිවරණයකදී මිස ජනාධිපතිවරණයකදී නොවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රකාශ කළා.

එහි සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස්  මේ බව කියා සිටියේ කොළඹ අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින්.

ඒ අනුව පක්ෂයේ ආරම්භක ලාංඡනය වන පොහොට්ටුව ජනාධිපතිවරණය ජයග්‍රහණය සඳහා වඩා වැදගත් බවයි ඔහු එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත්ව වෙනත් පක්ෂවලට සහය දැක්වීම හේතුවෙන්  පක්ෂ සමාජිකත්වය තහනම් කෙරුණු ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් 5 දෙනාට මේ සතිය තුළ චෝදනා පත්‍ර යොමු කරන බව නිදහස් පක්ෂ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර ප්‍රකාශ කළා.

චෝදනා එල්ල වී සිටින පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ලක්ෂමන් යාපා අබේවර්ධන ,එස්.බී. දිසානායක, ඩිලාන් පෙරේරා, ඒ එච්. එම්.ෆවුසි සහ විජිත් විජයමුණ සොයිසාට වෙනත් පක්ෂවලට සහය දැක්විම සම්බන්ධයෙන් කරුණු දක්වන ලෙසට නිදහස් පක්ෂයෙන් ලිපි යොමු කළ ද, මේවන විටත්  ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වීමක් සිදුකර නොමැති බවයි වාර්තා වන්නේ.
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top