Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 September 16
500
Views

බොලිවුඩයේ සුපිරි තරු ශහිඩ් කපූර් දක්ෂ නළුවෙක් වගේම ආදරණිය පියෙක් සැමියෙක් ලෙස හැමෝගෙම ආදරය දිනාගත්ත කෙනෙක් කියන එක නොරහසක්. ඉතින් ශහිඩ්- මීරා කියන්නේ බොලිවුඩයේ සුපිරි තරු යුවළක්. මේ වෙද්දී සුරතල් දුවෙක්ගෙන් සහ පුතෙක්ගෙන් සම්පුර්ණ මේ අපූරු පවුලට තවත් අමුත්තෙක් එකතු වෙන්න යනවා කියලා මේ වෙද්දී ආරංචියක් තියනවා. නමුත් මේ සම්බන්ධව තාමත් ශහිඩ්- මීරා යුවල මාධ්‍ය වෙත කිසිම අදහසක් දක්වලා නැති වුනත් මේ සතිය අවසන් වෙන්න කලින් එයාලා ඒ ගැන හැමෝටම කියන්න ඉන්නවා කියලා තමයි දැනගන්න ලැබෙන්නේ. 

කොහොමවුනත් මේ ශහිඩ්- මීරා යුවලේ ආදරණිය වැඩිමහල් දියණිය මීෂා පහුගිය මාසේ එයාගේ 3 වන උපන්දිනය සමරුවා වගේම පුතා Zain මේ මාසයේ තමයි එයාග් පළමුවැනි උපන්දිනය සමරන්න ඉන්නවා. 

බොලිවුඩයේ ජනප්‍රියම යුවළයන් අතර ඉහලින්ම ඉන්න මේ ශහිඩ්- මීරා කැදැල්ලේ අලුත් අමුත්තා ගැන තම නිල වශයෙන් ආරංචියක් නැති වුනත් මේ ගැන යන්තමින් හරි අහන්න ලැබුන හැමෝම හිතුවටත් වඩා ඒ ගැන බලාපොරොත්තු තියාගෙන ඉන්නවා කියලා තමයි ආරංචි වෙන්නේ. කොහොම වුනත් හැමෝගෙම හිත්වල බලාපොරොත්තු ඇතිකළ මේ ආරංචිය මේ සතිය ඇතුලත නිල වශයෙන්ම මාධ්‍ය හමුවට ඒවි කියන විශ්වාසයෙන් ශහිඩ්ගේ ආදරණිය ප්‍රේක්ෂකයන් පුන පුනා බලා ඉන්නවා කියලත් දැනගන්න ලැබෙනවා.

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top