Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 September 16
527
Views
කඩවත සහ මාකොළ යන ප්‍රදේශවල පවත්වාගෙන ගිය ගණිකා මධ්‍යස්ථාන දෙකක් වැටලූ බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසය, ගණිකා වෘත්තියේ නියැලූ‍ණු කතුන් 6 දෙනකු ඇතුළු පුද්ගලයින් 9 දෙනකු අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර කළමනාකාරිණියක් සහ කළමනාකරුවන් දෙදෙනකු වන බව ද එම කොට්ඨාසය කියයි.

එම කොට්ඨාසය මහර මහෙස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් සෝදිසි වරෙන්තුවක් මත මෙම වැටලීම් සිදුකර තිබේ.

මෙම ගණිකා මධ්‍යස්ථාන දෙක නිවාඩු නිකේතනයක් සහ ආයුර්වේද සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගොස් ඇතැයි හෙළි වූ බව ද එම කොට්ඨාසය පවසයි.

අත්අඩංගුවට පත්ව සිටින සැකකරුවන් හා සැකකාරියන් අවුරුදු 24ත් 49 ත් අතර වයසේ පසුවන කොළඹ, කඩවත, හබරාදුව, ජාඇල, ඇඹිලිපිටිය, පරකඩුව, තිස්ස වරාවැව, මීගලෑව යන ප්‍රදේශවල පදිංවිකරුවන් බවද පැවසේ.

බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ප්‍රසාද් රත්නායක මහතාගේ මෙහෙයවීමෙන් නිලධාරීහු කණ්ඩායමක් විසින් මෙම වැටලීම සිදුකළහ.
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top