Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 September 16
133
Views
හංවැල්ල - ඇඹුල්ගම ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමෙන් තුවාල ලබා හෝමාගම රෝහලට ඇතුළත් කර සිටි 26 හැවිරිදි තරුණයා කොළඹ ජාතික රෝහලට මාරුකර යවා තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ මෙම වෙඩි තැබීමෙන් තුවාල ලැබූ අනන්‍යතාව තහවුරු නොවූ තවත් පුද්ගලයෙකු අවිස්සාවේල්ල රෝහලේ ප්‍රතිකාර ලබන බවයි.

ඊයේ රාත්‍රි 9.15ට පමණ හංවැල්ල - පරණපාර ඇඹුල්ගම මංසන්ධියේ දී සිදුවූ මෙම වෙඩි තැබීමෙන් පුද්ගලයෙකු මියගොස් තවත් දෙදෙනෙකු තුවාල ලැබුවා.

සිද්ධියෙන් ජීවිතක්ෂයට පත්වූයේ රණාල - ජල්තර ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි තරුණයෙක්.

------------------------------------------------------------------------------

හංවැල්ලේ වෙඩි තැබීමකින් එක් අයෙකු මරුට තවත් අයෙක් රෝහලේ - MONDAY, 16 SEPTEMBER 2019 - 7:23

හංවැල්ල - ඇඹුල්ගම මංසන්ධියේ දී වෙඩි තැබීමකින් එක් අයෙකු මියගොස් තවත් අයෙකු තුවාල ලබා හෝමාගම රෝහලට ඇතුළත් කර තිබෙනවා.

සිද්ධියෙන් මියගොස් ඇත්තේ අවුරුදු 23 ක් වයසැති රණාල - ජල්තර ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු වන අතර, තුවාල ලබා ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචි 26 හැවිරිදි තරුණයෙක්.

ඊයේ රාත්‍රි 9.15 ට පමණ මෙම වෙඩි තැබීම සිදුව ඇති අතර, සිද්ධියට හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ.
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top