Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 September 16
248
Views

පැයට සැතපුම් 350ක (පැයට කි.මී. 560) වේගයෙන් ගමන් කරමින් තිබූ, එක්සත් ජනපදයේ ප්‍රහාරක ගුවන් යානා දෙකක් පැරෂුට්කරුවන් දෙදෙනෙකු හා ගැටීමට ආසන්න අවස්ථාවක් බ්‍රිතාන්‍යයෙන් වාර්තා වෙයි.

සිය ගුවන් කරණමේදී පැයට සැතපුම් 120ක (පැ.කි.190ක) වේගයෙන් පහළට වැටෙමින් සිටි පැරෂුට්කරුවන්ගේ හෙල්මටයේ රැඳී තිබූ කැමරාවක ඔවුන් ආසන්නයෙන් ගුවන් යානා ගමන් කරන ආකාරය පටිගත වී ඇත.

කේම්බ්‍රිජ්ෂයර් පැරෂුට් අඩවිය සක්‍රීයව පවතින බව ගුවන් ගමනාගමන පාලක මණ්ඩලය විසින් ගුවන් නියමුවන්ට පැවසිය යුතුව තිබූ බව එක්සත් රාජධානියේ එයාර්ප්‍රොක්ස් මණ්ඩලය පවසයි.

එක්සත් ජනපද ගුවන් හමුදා කඳවුර කාර්ය මණ්ඩලය දැනුවත් කිරීම සඳහා නැවත දැනුවත් කිරීමක් සිදුකළ යුතුව තිබූ බවද එහි වැඩිදුරටත් දැක්වෙන අතර, F15 ප්‍රහාරක යානා පැහැදිලිව දැකගත හැකි වූ එම සිද්ධිය පහසුවෙන් නොසලකා හැරිය නොහැකි එකක් බවද අවධාරණය කරයි.

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top