Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 September 15
245
Views
අල්කයිඩා ත්‍රස්ත සංවිධානය යළි ගොඩනැංවීමේ නිරතව සිටි ඔසාමා බින් ලාඩන්ගේ පුත්‍රයෙකු වන හම්සා බින් ලාඩන් ගුවන් ප්‍රහාරයකින් මියගිය බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තහවුරු කළා. 

ඇෆ්ගනිස්ථානය සහ පාකිස්ථානය අතර දේශසීමා ප්‍රදේශයේ ත්‍රස්ත මර්දන මෙහෙයුමකදී ඔහු එලෙසින් මියගිය බවත්, එම මෙහෙයුමට ඇමරිකානු හමුදා සම්බන්ධ වූ බවත්, ජනපති ට්‍රම්ප් සඳහන් කර තිබෙනවා. 

ඔත්තු සේවා උපුටා දක්වමින් ඇමරිකානු මාධ්‍ය හම්සා බින් ලාඩන්ගේ මරණය වාර්තා කර තිබූ අතර, ඇමරිකානු ආරක්ෂක ලේකම්වරයාද පසුව ඒ බව සනාථ කළා. 

එහෙත් ජනපති ට්‍රම්ප් සහ පරිපාලනයේ අනෙකුත් ජ්‍යෙෂ්ඨ නිලධාරින් ඒ බව මෙතෙක් තහවුරු කර තිබුණේ නැහැ. 

කෙසේ නමුත් ධවල මන්දිරය ඊයේ නිකුත් කළ නිවේදනයක් මගින් ජනපති ට්‍රම්ප්, හම්සා බින් ලාඩන්ගේ මරණය තහවුරු කර ඇති අතර, එය එම සංවිධානයට එරෙහි මෙහෙයුම්වල ජයග්‍රහණයක් ලෙසයි හඳුන්වා ඇත්තේ. 

හම්සා බින් ලාඩන් ඇතමුන් හඳුන්වනු ලැබුවේ ජිහාඩ් හෙවත් ශුද්ධ යුද්ධයේ කුමාරයා ලෙසයි.
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top