Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 September 15
415
Views

සිම්බාබ්වේ දේශයේ අභාවප්‍රාප්ත හිටපු ජනපති රොබට් මුගාබේගේ අවසන් කටයුතු සිදුකරන ආකාරය සම්බන්ධයෙන් රජය සහ පවුලේ ඥාතීන් අතර මත ගැටුමක් හටගෙන තිබේ.

ඔහුගේ පවුලේ අය පවසන්නේ හිටපු සිම්බාබ්වේ ජනාධිපතිවරයාගේ අවමංගල්‍ය කටයුතු සඳහා රජය ඥාතීන්ගෙන් උපදෙස් ලබා නොගැනීම ගැන කම්පාවට පත්වන බවයි.

95 හැවිරිදි මුගාබේ පසුගිය සතියේ සිංගප්පූරු රෝහලක වෛද්‍ය ප්‍රතිකාර ලබමින් සිටියදී මිය අතර, ඔහුගේ දේහය දැන් සිම්බාබ්වේ අගනුවර හරාරේහි රුෆාරෝ පාපන්දු ක්‍රීඩාංගණයේ තැන්පත් කර තිබේ.

ඒ අනුව, මුගාබේ අවසානයට සැතපෙන ස්ථානය නවාතැන සම්බන්ධයෙන් ඔහුගේ පවුලේ අය සහ රජය අතර එකඟතාවකට පැමිණ නැත.

පවුලේ අය පවසන්නේ ඔහුගේ දේහය ඉරිදා රාත්‍රියේ ඔහුගේ උපන් ගම වන කුටාමා හි ප්‍රදර්ශනය කරන බවත්, පෞද්ගලික ස්ථානයක ඔහුගේ දේහය භූමදානය කරන බවත්ය.

කෙසේ වෙතත්, මුගාබේ වෙත ගෞරව දැක්වීම සඳහා දහස් ගණනක් පිරිස් රුෆාරෝ ක්‍රීඩාංගණයේ පෝලිම්වල රැඳී සිටින බව විදෙස් වාර්තා පවසයි.

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top