Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 September 15
109
Views
මහනුවර - තලාතුඔය - මයිලපිටිය ප්‍රදේශයේදී පුද්ගලයෙකු තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබෙනවා. 

මයිලපිටිය - ගල්ලිඳ ත්‍රිරෝද රථ නැවතුම්පලේදී මෙම ඝාතනය සිදුව ඇති බවයි පොලීසිය ප්‍රකාශ කළේ. 

ඊයේ පස්වරුවේ මෙලෙස ඝාතනය කර ඇත්තේ එම ත්‍රිරෝද රථ නැවතුම්පලේ රියදුරෙකු ලෙස කටයුතු කරන වයස අවුරුදු 38 ක් වන පුද්ගලයෙක්. 

ඔහු සහ තවත් ත්‍රිරෝද රථ රියදුරෙකු සමඟ කාන්තාවක් සම්බන්ධයෙන් ඇතිවූ බහින්බස්වීමක් දුරදිගයාමෙන් මෙම ඝාතනය සිදුව ඇති බව සඳහන්.

ඝාතනයට ලක්වූ පුද්ගලයා අනෙක් ත්‍රිරෝද රථ රියදුරුට පහරදී ඇති අතර, පහරකෑ ඔහු අසළ පිහිටි වෙළඳසලට ගොස්  එහි තිබූ තියුණු ආයුධයක් රැගෙනවිත් ඉන් පහරදී මෙම ඝාතනය සිදුකර තිබෙනවා. 

සිද්ධිය සම්බන්ධයෙන් එම පුද්ගලයා සහ ඔහුගේ මිතුරෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔවුන් අද දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top