Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka
2019 September 15
පුත්තලම - කොළඹ ප්‍රධාන මාර්ගයේ මදුරන්කුලිය - සෙම්බැට්ට ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් 14 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කෙරුණා.
තලවිල ශාන්ත ආනා දේවස්ථානයේ මංගල්‍යයකට පැමිණ යළි නිවෙස් බලා යමින් සිටි වන්දනා නඩයක පිරිසක් පැමිණි බස් රථයක් ත්‍රිරෝද රථයක් පසුකර යාමට උත්සාහ කිරීමේදී බස් රථය පෙරළී මෙම අනතුර සිදුව ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.
එහිදී බස් රථයේ ගමන් ගත් 12 දෙනෙකු සහ ත්‍රිරෝද රථයේ ගමන් කළ දෙදෙනෙකු තුවාල ලබා පුත්තලම මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර, අනතුරෙන් තුවාල ලබා ඇත්තේ මාරවිල ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසක්.
Top