Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 September 13
587
Views
වටවල පොලිස් වසමට අයත් රොසැල්ල විග්ටන් වතුයායේ ඉහළ කොටසේ නිවසේදී මියගියේ යැයි කියන වල්ලිඅම්මා රාගෙයි (81) නැමති එක්දරු මවගේ සිරුර සොයා පොලිස් කණ්ඩායම් කිහිපයක් ඊයේත් (12) වතු කම්කරුවන්ගේද සහයෝගය ඇතිව එම වතුයායේ මෙහෙයුමක් දියත් කළහ.
 
 රෝගාතුරව සිටි තම මව ඉකුත් 9 වැනිදා නිවසේදී මිය ගියේ යැයි පවසා මිය ගිය එක්දරු මවගේ මෘත දේහය ඇයගේ පුතා විසින් ත්‍රිරෝද රථයක දමා ගෙන රැගෙන ගියේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් වටවල පොලිසියට 11 දා ලද තොරතුරක් මත පොලිසිය ඒ පිළිබඳව විමර්ශනයක් ආරම්භ කර තිබුණි.
 
 මිය ගිය එක්දරු මවගේ ලේලිය වන විශ්වා ගෞරවි නමැති තිදරු මව පොලිසිය හමුවේ පවසා ඇත්තේ රෝගාතුරව සිටි තම නැන්දණිය නිවසේදි මිය ගිය බවත්, අවසන් කටයුතු සිදු කිරීමට තම සැමියා සතුව මුදල් නොමැති නිසා මෘත දේහය කැළෑවකට විසි කර දමන බව පවසා තම සැමියා විසින් තම 13 හැවිරිදි දෙවන පුතා සමග මෘත දේහය එදිනම රාත්‍රියේ ත්‍රිරෝද රථයක දමාගෙන නිවසින් පිටව ගිය බවත්, එදින සිට තම සැමියා පිළිබඳව හෝ තම පුතා පිළිබඳව කිසිඳු තොරතුරක් නොදන්නා බවත් ඇය පොලිසියට කියා ඇත.
 
 නිවසේදී මිය ගියේ යැයි කියන එක්දරු මවගේ මෘත දේහය සොයා හැටන් පොලිසියේ සුනඛ අංශයේ සුනඛයකුගේ සහය ඇතිව පොලිස් නිලධාරින් සහ වතු කම්කරුවන් ඊයේ (12 දා* දවස පුරා එම වතුයායේ යලිත් මෙහෙයුමක් ක්‍රියාත්මක කර තිබුණි.
 
 සිද්ධිය සම්බන්ධයෙන් අංශ කිහිපයක් ඔස්සේ පරික්ෂණ පවත්වන පොලිස් නිලධාරීන් මිය ගියේ යැයි කියන එක්දරු මවගේ බාල මුණුබුරා වන 8 හැවිරිදි සිසුවාගෙන් ඊයේ (12* ප්‍රකාශයක් සටහන් කරගෙන ඇති අතර එහිදී පාසල් සිසුවා පොලිසිය හමුවේ පවසා ඇත්තේ තම පියා, මව සහ අයියා විසින් ආච්චිට පොල්ලකින් පහර දී පුටුවක ගැට ගැසු බවත්, පසුව තම පියා ආච්චිව මල්ලක දාගෙන නිවසින් රැගෙන ගිය බවත්ය.
 
 වටවල පොලිසියේ නිලධාරීන් විසින් මිය ගිය එක්දරු මවගේ ලේලියගේ සහයෝගය මත සැඟ වි සිටින බවට සැකකරන ඇයගේ සැමියා සොයා ගැනීමට විශේෂ මෙහෙයුමක්ද මේ වන විට ක්‍රිියාත්මක කර ඇත.
 
 එම වතුයායේ වතු කම්කරුවන් කියා සිටින්නේ මෙය ඝාතනයක් බවයි. මිය ගිය 81 හැවිරිදි එක්දරු මවගේ බාල මුණුබුරා විසින් පොලිසියට ලබාදුන් ප්‍රකාශය අනුව සැසඳීමේදී මෙය ඝාතනයක් බවට සැක කළ හැකි බව සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන වටවල පොලිසිය පවසයි.
 
 මිය ගිය 81 හැවිරිදි එක්දරු මවගේ ලේලියගේ සහෝදරයා තලවකැලේ වටගොඩ පදිංචි බවත්, ඔහු ත්‍රිරෝද රථයක අයිතිකරුවෙකු බවත්, ඔහුගෙන්ද ප්‍රකාශයක් සටහන් කරගත් බවත් වටවල පොලිසිය පැවසීය.
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top