Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 September 12
2,450
Views

පාකිස්තානයේ ලාහෝර් නුවරදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමේ සිද්ධිය පිළිබඳව නැවත වතාවක් කතා බහට ලක්වී තිබෙනවා.

ඒ මෙවර පකිස්තානු සංචාරයක් සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම පිටත්වයාමට සුදානම් වීමත් සමගයි.

කෙසේ වෙතත් ඊයේ රාත්‍රියේ නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ නැවත වතාවක් ශ්‍රී ලංකා කණ්ඩායම එරටට පැමිණියහොත් ත්‍රස්තප්‍රහාරයක් එල්ල වීමට හැකියාවක් ඇති බවයි.

කෙසේ වෙතත් ලාහෝර් ප්‍රහාරය ගැන කතා බහ කරන විට තිලකරත්න දිල්ශාන්  පිළිබඳව වැඩි අවධානයක් යොමුවෙනවා.

ඒ තමයි එම ප්‍රහාරය වෙලාවේ දිල්ශාන් කරපු සුවිශේෂී ක්‍රියාව නිසා.

2009 වසරේ මාර්තු මස 3 වන දින ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පාකිස්තානයේ ලාහොර් නුවරට ගොස් සිටියේ එය තවත් එක් ටෙස්ට් ක්‍රිකට් තරගයක් සඳහා ස්සහභාගී වීමටයි.

තරගයේ තුන් වන දිනයේ  උදෑසන 9.00ට පමණ ගඩාෆි ක්‍රීඩාංගණය ඉදිරිපිටදී තුවක්කුකරුවන් 12 දෙනෙක් ඔවුන්ට වෙඩි තැබීම ආරම්බ කළා.

තරගයේ නිලධාරීන්ට පෙරමුණේ ගමන් කළ පොලිස් නිලධාරීන් 6 දෙනෙක් සහ රියැදුරෙක් එම වෙඩි තැබීම්වලින් ජීවිතක්ෂයට පත් වුණා.

ප්‍රහාරයෙන් පස්සේ එවකට ලංකා කණ්ඩායමේ පුහුණුකරු වෙච්ච පෝල් ෆාබ්‍රේස් විශේෂ ප්‍රකාශයක් කළා.

"ලාහෝරයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයේදී අපේ ජීවිත බේරුණේ, තිලකරත්න ඩිල්ෂාන් නිසයි" 

මේ ප්‍රකාශය ගොඩක් සුවිශේෂී වුනා.ගොඩක් දෙනෙක් මේ ගැන දන්නේ නැහැ.ඒ නිසාම දිල්ශාන් ගැන පෝල් ෆාබ්‍රේස් කිව්වා දේවල් තමයි මේ 

"වෙඩි උණ්ඩ බස් එකට වැදුණා. බස් රථයේ වීදුරුවලට වැදුණා. මට ඒ වෙලාවේ ඇහුණේ, ඩිල්ෂාන්ගේ හඬ විතරයි. ඒ සුවිශේෂ හඬ මට තවමත් ඇහෙනවා. ඒක මගේ ජීවිතේ ඉතිරි කාලය පුරා ම තියේවි."

"මට ඇහුණා ඩිල්ෂාන් කිව්වා, බස් රථය පසුපසට ධාවනය කරන්න කියලා. ඒ වෙලාවේ රියැදුරා සුක්කානමට පහතින් හිස තබාගෙන අත්වලින් සුක්කානම හසුරුවමින් හිටියේ.

"එහෙම ඉඳගෙන ඔළුව පාත් කරගෙන ධාවනය කරනකොට ඩිල්ෂාන් තමයි ප්‍රහාරයෙන් බේරිලා යන්න පාරවල් පෙන්නුවේ. බස් රථයේ රියැදුරා ඒ ස්ථානයෙන් බස් රථය ඉවත් කර ගන්න දැක්වූ දක්ෂතාවට විශාල ගෞරවයක් ලබා දුන්නා. ඒත්, මට හිතෙන්නේ ඩිල්ෂාන්ගේ තිබුණ නිර්භීතකම නිසා තමයි අපේ ජීවිත බේරුණේ."

"හදිසියේ පිපිරීමක් සිද්ධ වුණා. ඒක මගේ ළඟ ම සිද්ධ නොවුණට මට එය හොඳින් ඇහෙන තරම් ළඟක වුණේ. තවත් තත්පර කීපයක් ඇතුළත අත්බොම්බයක් වගේ දෙයක් බස් එක පැත්තට එල්ල වුණා.

"මම එතකොට අඩ නින්දේ හිටියේ. මම නැගිට්ට වෙලාවෙ ම අනිත් අයත් බස් එකේ මැදට එක්රැස් වුණා. මම ආසන දෙකක් අතරට පැන්නා.

"අපිට ක්‍රීඩාංගණයට ඇතුළු වෙන්න තිබුණේ තත්පර 30ක වගේ කාලයක්. ඒ නිසා අපි වැඩි වෙලාවක් ගත වෙන්න කලින් ආරක්ෂිත ස්ථානයකට ගියා. ඒත් අපිට වෙඩි හඬ තවදුරටත් ඇහුණා.

"වාසනාවට අපිත් එක්ක ගිය කිසි කෙනෙක් මැරුණේ නැහැ. ඒත් පොලිස් නිලධාරීන්ගෙන් භාගයක් සහ තවත් රියැදුරෙක් මිය ගියා. අපිට කලින් ධාවනය වුණ විනිසුරුවරුන් රැගත් වෑන් රථයට වෙඩි ප්‍රහාර එල්ල වුණ හැටි යම් කෙනෙක් වීඩියෝ කරලා තිබුණා."

 මේ අතරේදී තමන්ගේ මංගල තරඟයට ක්‍රීඩා කල තරංග පරනවිතාරණට වෙඩි වැදුනා ඔහුගේ අදහස් ප්‍රකාශ කලේ මෙසේය.

 "බුලට් එකක් වැදුණා පපුවට. වැදුන ගමන් මම පිට අල්ලලා බැලුවා පිටවුනාද කියලා, පපුවේ හැමතැනම ලේ ගලනවා" 

"හැමෝම හිතුවේ මම මැරෙයි කියලා, ලේ දැකල. වාසනාවකට උණ්ඩය පිටින් ගිහිල්ල තිබුණේ නැහැ,"

"එතකොටම වාස් අයියයි, ඩිල්ෂාන් අයියයි කෑ ගැහුව බස් රියදුරුට. go, go (යන්න, යන්න ) කියලා. බස් එක ගියා. තව ටික වෙලාවක් හිටියනම් කවුරුත් ඉතුරු වෙන එකක් නැහැ."

"ඒක චිත්‍රපටයක් වගේ, අපි දැක්කේ වටෙන් වෙඩි තියනවා, බෝම්බ පුපුරනවා, ටික වෙලාවක් ගිහිල්ල උණ්ඩ ඇතුළට එනකොට තමයි තේරුණේ මේක අපිට එල්ල කරන්නේ කියලා," 

Image result for lahore attack sri lanka cricket

Image result for lahore attack sri lanka cricket

Image result for lahore attack sri lanka cricket

Image result for lahore attack sri lanka cricket

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top