Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 September 12
533
Views
අඩි 32ක් පමණ ගැඹුරකින් යුතු අනාරක්ෂිත ළිඳකට ඇදවැටීමෙන් ජීවිතයත් මරණයත් අතර සටනක නිරතව සිටි සිය සිඟිති පුතුගේ ජීවිතය බේරාගැනීමට ඔහුගේ මව සමත්ව තිබේ.
පොල්පිතිගම සියඹලෑව ප්‍රදේශයේ පදිංචි පී.එච්.ඉරේෂා දමයන්ති (36) මෙම  දිරිය මාතාවයි. මෙලෙස ළිඳට ඇදවැටීමෙන් පසු ජීවිතය බේරාගෙන ඇත්තේ ජනිදු හසීන් (2) දරුවාය.

දරුවා බේරාගැනීමට ළිඳට පනීම නිසා වම් පාදයේ අස්ථි බිඳීම හේතුවෙන් මේ වනවිට ඔත්පලව සිටින දමයප්ති මහත්මිය තම වීරක්‍රියාව පිළිබඳ මෙසේ විස්තර කළාය.

"මට පුතාලා දෙන්නෙක් ඉන්නවා. ලොකු පුතාට අවුරුදු අටයි. බාල පුතාට අවුරුදු දෙකයි නියගය නිසා අපේ ළිඳේ වතුර නැහැ. ඒ හින්දා පුතාලා දෙන්නත් එක්ක යාබද නෑදෑ ගෙදරක ළිඳකට ගිහින් තමයි අපි නාන්නේ . සිද්ධිය වූ දිනයේ හවස පහට විතර පුතාලා දෙන්නත් එක්ක මම ගිහින් ඒ ළිඳ අසල ටැප් එකෙන් පුතාලා දෙන්නා නාවලා ඉවරවෙලා පස්සෙ මම නෑවා. ඒ වෙලාවේ පුතාලා දෙන්නා අවට බෝලයක් අරගෙන සෙල්ලම් කරමින් හිටියා. ඒ ටැල් එක අසළ තමයි ළිඳ තියෙන්නෙ. ඒක අනාරක්ෂිත ළිඳක්. මම නාලා සබන් ගානවිට එක පාරම ශබ්දයක් ඇසුණා. එතකොටම ලොකු පුතා කෑ ගහලා කීවා බෝලය. ගන්න දුවගෙන ගිය මල්ලි ළිඳට වැටුණා කියලා.

ඒත් එක්කම මම ළිඳට එබිලා බැලුවා. පුතා උඩ පාවෙමින් උඩ යට යනවා දැක්කා. කිසිම දෙයක් ගැන හිතුවේ නැහැ මමත් ක්ෂණිකව ළිඳට පැනලා. පුතා උස්සාගෙන හිටියා. ඒ අතරේ ලොකු පුතා දුවගෙන ගිහිල්ලා අවට ගෙදරක හිටපු පුතාලගේ තාත්තාට සිද්ධිය කියලා.

ඒ අය දුවගෙන ආවා, කලබල වෙන්න එපා පුතා ගොඩට ගන්න කියා මම ඒ අයට කීවා. පසුව ගමේ අය අඩි විස්සක් විතර දිග ඉනිමඟක් දාලා ඒකට තවත් ඉනිමඟක් ගැට ගැසුවා. පසුව අසල්වැසියෙකු ළිඳට බැහැලා පුතා වඩාගෙන ගොඩට ගියා. නමුත් මට කකුල උස්සලා නගින්න බැහැ කකුල කැඩිලා බව තේරුණා. පස්සේ පිරිස ගෝනියක් අරගෙන තොටිල්ල වාගේ හදලා මා ඒ මතු තියාගෙන හතර මුල්වලින් ගැට ගහලා කඹ ආධාරායෙන් උඩට ගත්තා. පුතාට සීරිර්මක්වත් නැහැ. මගේ වම් කකුළ කැඩිලා.

පොල්පිතිගම - සිසිර කැලේගම
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top