Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 September 12
1,008
Views

ඉන්දීය ප්‍රිමියර් ලීග් (අයි.පී.එල්.) තරගාවලිය සඳහා මින් ඉදිරියට සහභාගි වීමට අවස්ථාව ලබා නොදෙන බවට ඉන්දීය ක්‍රිකට් බලධාරීන් සිදු කළ තර්ජන හේතුවෙන් ශ්‍රී  ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් 10 දෙනා පාකිස්තාන තරග සංචාරයෙන් ඉවත් වූ බව පාකිස්තාන විද්‍යා සහ තාක්ෂණ අමාත්‍ය ෆවාඩ් චෞද්රි විදෙස් මාධ්‍යයකට ප්‍රකාශ කර තිබීම හේතුවෙන් දැඩි අර්බුදකාරී වාතාවරණයක් නිර්මාණය වී තිබේ. 

ඒ අනුව ශ්‍රී  ලංකා ක්‍රීඩකයන් කිහිපදෙනෙක් ඉහත තරගාවලියෙන් ඉවත් වීමට ගෙන තිබෙන තීරණය සම්බන්ධයෙන් සිය නිල ට්විටර් ගිණුම වෙත පණිවුඩයක් නිකුත් කරමින් මෙම අදහස් දක්වා ඇති ෆවාඩ් චෞද්රි “පාකිස්තාන සංචාරය ස¼දහා කැමැත්ත පළ නොකරන ලෙසත්, ඒ සඳහා සහභාගි වුවහොත් එම ක්‍රීඩකයන්ට මීළඟ අයි.පී.එල්. තරගාවලිය සඳහා සහභාගි වීමේ අවස්ථාව අහිමි කරන බවට ඉන්දීය ක්‍රිකට් බලධාරීන් පවසා ඇති බව ක්‍රිකට් විස්තර විචාරකයන් කිහිපදෙනකු මා සමඟ පැවැසුවා. එය ඉතාමත් පහත් ක්‍රියාමාර්ගයක් ලෙසින් අප සලකනවා. අන්ධ දේශානුරාගය අයහපත් ලෙස ක්‍රීඩාවට ගෙනඑමින් එහි තත්ත්වය පහතට ඇද දැමීමේ උත්සාහයක් ලෙසින් අප එය සලකනවා වගේම එය ඉන්දියානු ක්‍රීඩා බලධාරීන්ගේ ඉතා පහත් ක්‍රියාමාර්ගයක් ලෙස මම දකිනවා.” යනුවෙන් පවසා ඇත.

කෙසේ වෙතත් පාකිස්තාන මාධ්‍ය වාර්තා කර තිබුණේ ශ්‍රී  ලංකා ක්‍රිකට් බලධාරීන් එරට ආරක්ෂක තත්ත්වයත් මෙම තරගාවලියේදී ශ්‍රී  ලංකා කණ්ඩායමට සැපයෙන විශේෂ ආරක්ෂක විධිවිධාන සම්බන්ධ විශේෂ පැහැදිලි කිරීමක් සිදු කර ඇති බවයි. මෙම මස 27 වැනිදා ආරම්භ වී ඔක්තෝබර් මස 9 වැනිදා දක්වා පැවැත්වෙන මෙම තරගාවලියට එක්දින තරග තුනක් හා විස්සයි-20 තරග තුනක් ඇතුළත්ව තිබේ.

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top