Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 September 12
564
Views
පකිස්ථාන තරග සංචාරයට එක්වන ශ්‍රී ලංකා එක්දින සහ 20යි 20 සංචිතය නම්කර තිබෙනවා. 

ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය ද මෙම සංචිතයට ලැබී ඇති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කළේ. 

එක්දින සංචිතයේ නායකයා ලෙසට ලහිරු තිරිමාන්න නම්කර තිබෙනවා. 

ධනුෂ්ක ගුණතිලක, සධීර සමරවික්‍රම, අවිශ්ක ප්‍රනාන්දු, ඔෂධ ප්‍රනාන්දු, ශෙහාන් ජයසූරිය, දසුන් ශානක, මිනෝද් භානුක, ඇන්ජෙලෝ පෙරේරා සහ වනිඳූ හසරංග එක්දින සංචිතයට ඇතුලත්. 

ලක්ෂාන් සඳකැන්, නුවන් ප්‍රදීප්, ඉසුරු උදාන, කසුන් රාජිත සහ ලහිරු කුමාර මෙම සංචිතයේ සෙසු ක්‍රීඩකයන් වනවා. 

20යි 20 සංචිතයේ නායකත්වය දසුන් ශානකට පවරා තිබෙනවා. 

ධනුෂ්ක ගුණතිලක, සධීර සමරවික්‍රම, අවිශ්ක ප්‍රනාන්දු, ඔෂධ ප්‍රනාන්දු, ශෙහාන් ජයසූරිය, ඇන්ජෙලෝ පෙරේරා, භානුක රාජපක්ෂ, මිනෝද් භානුක, ලහිරු මදුෂංක, වනිඳු හසරංග, ලක්ෂාන් සඳකැන්, ඉසුරු උදාන, නුවන් ප්‍රදීප්, කසුන් රාජිත සහ ලහිරු කුමාර 20 යි 20 සංචිතය නියෝජනය කරනවා. 

ශ්‍රී ලංකාව පකිස්ථාන තරග සංචාරයේදී එක්දින තරග 3කට සහ 20යි 20තරග 3කට සහභාගී වීමට සැලසුම් කර තිබෙනවා. 

ලබන 27 වනදා තරගාවලිය ආරම්භ වීමට නියමිතයි.

පළමු එක්දින තරගය පැවැත්වෙන්නේ කරච්චිහිදීයි.

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top