Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 September 11
594
Views
ලෝක බෝරාවරුන්ගේ වාර්ෂික සමුළුවට සහභාගිවීමට පැමිණි පිරිස් ආපසු තම රටවල් වෙත පිටත්වීමට පැමිණ සිටීමත් සමඟ කටුනායක ගුවන් තොටුපලේ මේ වනවිට මගී තදබදයක් හටගෙන තිබෙනවා.

බෝරා සමුළුව සඳහා සහභාගිවීමට විදේශ රටවල් 40 කට අයත් බෝරාවරුන් 21,000 කට වැඩි පිරිසක් පසුගියදා ශ්‍රී ලංකාවට පැමිණි බවයි ගුවන් තොටුපල හිරු වාර්තාකරු සඳහන් කළේ.

එසේම ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙකු කියා සිටියේ කටුනායක ගුවන් තොටුපලේ පවතින ඉඩකඩ සහ පහසුකම් ප්‍රමාණවත් නොවීම මෙම තත්ත්වයට හේතුවී ඇති බවයි.

එවැනි පසුබිමක් යටතේ මෙවැනි විශේෂ අවස්ථාවලදී කටුනායක ගුවන් තොටුපල මගී තදබදය ඇතිවීම වැළැක්විය නොහැකි බවද ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයා සඳහන් කළා.
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top