Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 September 11
334
Views
සාමණේර හිමිවරුන්ට පහරදුන්නේ මම නොවෙයි - බුකියේ හුවමාරු වූ ඡායාරූපයේ තරුණයා කියූ කතාව "

කුඩා සාමණේර හිමිවරුන් දෙනමකට අමානුෂික ලෙස පහරදුන් අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වීමත් සමඟ සියල්ලන්ගේ අවධානය ඒ වෙත යොමුවූවා.

කෙසේ වෙතත් ඒ ඔස්සේ අදාළ පහරදීම පිළිබඳව තොරතුරු අනාවරණ වීමත් සමඟ අදාළ සැකකරු හොරොව්පතාන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ගම්මැද්දේ චමින්ද ගලබොඩ හෙවත් උටියා නැමති පහරදීමට අදාළ සැකකරු මේ වනවිට හොරොව්පතාන පොලිසිය භාරයේ රදවා සිටින අතර, ඔහු අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

කෙසේ වෙතත් අදාළ සිදුවීම පිළිබඳව මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි කතාබහක් නිර්මාණය වී ඇති අතර එම පහරදීම සිදුකළ බවට දක්වමින් පුද්ගල ඡායාරූපයක්ද සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වනවා.

කෙසේ වෙතත් එම ඡායාරූපයේ සිටින පුද්ගලයා බවට සඳහන් අයෙකු සජීවී වීඩියෝවක් නිකුත් කරමින් සඳහන් කරන්නේ තමන්  සාමණේර හිමිවරුන්ට පහරදුන් පුද්ගලයා නොවන බවයි.

එහිදී ඔහු සඳහන් කරන්නේ තමන් මේ වනවිට කටාර් රාජ්‍යයේ සේවයේ නිරත අයෙකු බවයි.

එම වීඩියෝව පහතින්.


Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top